Japanese AV actress Hana Kuraki found dead in Tokyo

Japanese AV actress Hana Kuraki found dead in Tokyo

25 හැවිරිදි ජපන් ජාතික වැඩිහිටි චිත්‍රපට නිළි Hana Kuraki හදිසියේම ජීවිතක්ෂයට පත් වෙයි.

2024 වසරේදී S1 ලේබලය හරහා ක්ෂේත්‍රයට පිවිසි අතිශය ජනප්‍රිය ජපන් වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිනියක වන වයස අවුරුදු 25 ක් වූ Hana Kuraki පසුගිය සැප්තැම්බර් 12 වනදා හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇයගේ සිරුර Tokyo නුවර Shinjuku හි Kabukicho ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක් තුළ තිබී සොයාගෙන ඇති අතර, අදාළ නිවාසය ප්‍රසිද්ධ සමාජ ශාලා ප්‍රධානියෙකුට අයත් එකක් බවට ද මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ඇයගේ කළමනාකරණ ආයතනය වන T-Powers විසින් සැප්තැම්බර් 15 වනදා මෙම හදිසි මරණය නිල වශයෙන් තහවුරු කරනු ලැබුවා. ඇයගේ අභාවය සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළ කරන බවත්, මෙම ඛේදනීය තත්ත්වයට හේතු වූ ඇතැම් පුද්ගලයින්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් දැඩි කෝපයක් පවතින බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම මේ වන විට පොලිසිය සමඟ එක්ව පරීක්ෂණ කටයුතු සිදුකරන බවත්, ඇයගේ සහ පවුලේ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරමින් ඉදිරි තොරතුරු ප්‍රවේශමෙන් යුතුව මහජනතාවට මුදාහැරීමට කටයුතු කරන බවත් එම ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

වාර්තා වන අන්දමට ඇයගේ සිරුර මුලින්ම සොයාගෙන ඇත්තේ ඇයගේ මිතුරෙකු විසින් වන අතර, ඉන් අනතුරුව සමාජ ශාලා හිමිකරුවෙකු මෙන්ම සටන් ශිල්පියෙකු ද වන Sakito ඒ බව Tokyo Metropolitan Police වෙත දැනුම් දී තිබෙනවා. ඔහු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇයගේ මරණය තහවුරු කරමින් ශෝකය පළ කර ඇති අතර, මියගිය තරුණියට හෝ ඇයගේ සමීපතමයින්ට හානිදායක විය හැකි කටකතා සහ අසත්‍ය තොරතුරු පැතිරවීමෙන් වළකින ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මීට පෙර ඇය සිය සම්බන්ධතාවල පවතින ගැටලු පිළිබඳව ද ඔහු සමඟ පවසා තිබූ බව සඳහන්.

බොහෝ මාධ්‍ය වාර්තා මෙය සියදිවි නසාගැනීමක් ලෙස සැක කළ ද, පොලිසිය හෝ ඇයගේ කළමනාකරණ ආයතනය විසින් මෙතෙක් නිශ්චිත මරණයට හේතුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. 2026 වසරේ මුල් භාගයේදී රිය අනතුරකින් මුහුණට සහ හකු ප්‍රදේශයට සිදුවූ දරුණු තුවාල හේතුවෙන් ඇය සිය කලා කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව සිටි අතර, එම අනතුර පිළිබඳව ද සමාජ මාධ්‍ය තුළ විවිධ කටකතා පැතිරී ගොස් තිබුණා. ජනප්‍රිය රූපවාහිනී චරිතයක් ද වූ ඇයගේ මෙම හදිසි වියෝව සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා රසිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සිය බලවත් ශෝකය ප්‍රකාශ කරමින් සිටිනවා.

අපේ තරුණ කාලය ලස්සන කළ ඔබට සුභ ගමන් 💐