
League of Legends enhances brain function, says new study
චීනයේ ඉලෙක්ට්රොනික විද්යා හා තාක්ෂණ විශ්වවිද්යාලය (University of Electronic Science and Technology) මගින් සිදු කළ නවතම පර්යේෂණයකට අනුව, League of Legends වීඩියෝ ක්රීඩාව ක්රීඩා කිරීම මගින් මොළයේ ක්රියාකාරිත්වය සැලකිය යුතු ලෙස ඉහළ නංවන බව සොයාගෙන ඇත. මෙහිදී විශේෂයෙන්ම අවකාශීය අවධානය (Spatial attention), මතක ශක්තිය (Working memory) සහ විධායක ක්රියාකාරිත්වය (Executive function) වර්ධනය සහ වේගවත් තීරණ ගැනීමේ හැකියාව ඉහළ යන බව පර්යේෂකයින් විසින් පෙන්වා දෙයි.
වීඩියෝ ක්රීඩා පිළිබඳ අත්දැකීම් අවම පුද්ගලයින් 68 දෙනෙකු යොදාගෙන කළ මෙම පර්යේෂණයේදී ඔවුන් සති 30ක් පුරා, සතියකට දින 5ක් බැගින් දිනකට පැය 1ක් ක්රීඩා කර තිබේ. එහිදී හෙළි වී ඇත්තේ ක්රීඩාවේ පවතින වේගවත් සහ සංකීර්ණ ස්වභාවය නිසා මොළයේ Gray Matter ඝනත්වය වැඩි වී තොරතුරු සැකසීමේ කාර්යක්ෂමතාව ඉහළ යන බවයි. විශේෂම කරුණ වන්නේ ක්රීඩා කිරීම නතර කර සති 10ක් ගත වූ පසුව පවා මොළයේ ඇති වූ මෙම ධනාත්මක ස්නායුක වෙනස්කම් නොවෙනස්ව පැවතීමයි.
මොළයේ ජාලගත කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ශක්ති පරිභෝජනය අවම කරමින් වේගවත්ව තීරණ ගැනීමට මෙමගින් පුහුණුවක් ලැබෙන බවද මෙම අධ්යයනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
සාමාන්ය උපායමාර්ගික කාඩ් ක්රීඩා වලට වඩා League of Legends වැනි MOBA ක්රීඩා මගින් මොළයේ ස්නායු පද්ධතියේ වඩාත් ශක්තිමත් සහ තිරසාර වර්ධනයක් ඇති කරන බව මෙහිදී තහවුරු විය. මින් පෙනී යන්නේ මෙවැනි ක්රීඩා හරහා මොළය අඩු ශක්තියක් වැය කරමින් වේගවත්ව තීරණ ගැනීමට සහ කාර්යක්ෂමව තොරතුරු සැකසීමට මනා පුහුණුවක් ලැබෙන බවයි.
Discussion
No comments yet — start the conversation.