
The Odyssey leaked in Blu-ray quality ahead of official digital release
නොවැම්බර් 17 වනදා නිකුත් වීමට තිබූ The Odyssey චිත්‍රපටයේ Blu-ray ගුණාත්මකභාවයෙන් යුත් Digital පිටපත් නිකුත් වෙයි.
ඇ.ඩො බිලියන 1.78 ක දැවැන්ත ආදායමක් උපයාගනිමින් ලොව වැඩිම ආදායමක් ලැබූ R-rated චිත්‍රපටය ලෙස ඉතිහාස ගත වූ Christopher Nolan අධ්‍යක්ෂණය කළ The Odyssey චිත්‍රපටයේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් පිටපත් මේ වන විට අන්තර්ජාලයට අනවසරයෙන් කාන්දු වී තිබෙනවා.
මෙම චිත්‍රපටය එළඹෙන නොවැම්බර් 17 වනදා ඩිජිටල් මාධ්‍ය හරහා නිල වශයෙන් නිකුත් වීමට නියමිතව තිබුණත්, ඊට පෙර මෙලෙස සම්පූර්ණ Blu-ray ගුණාත්මකභාවයෙන් යුත් පිටපත් අන්තර්ජාලයට එක්වී තිබීම විශේෂත්වයක්.
මෙහි නිල ඩිජිටල් නිකුතුව සමඟින් Christopher Nolan ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සකස් කළ විනාඩි 90 කට අධික තිරයෙන් පිටුපස දර්ශන, නළු නිළියන්ගේ සම්මුඛ සාකච්ඡා සහ විශේෂ IMAX prologue එක ද ඇතුළත් වීඩියෝ එකතුවක් ද ප්‍රේක්ෂකයින්ට ලබාදීමට නියමිතව තිබුණා..

Discussion
No comments yet — start the conversation.