HC HQ HD rips of Jailer 2 leaked

HC HQ HD rips of Jailer 2 leaked


නොවැම්බර් 12 වෙනිදා නිකුත් වීමට තිබූ Jailer 2 චිත්‍රපටයේ HC HQ HDRip ඉහළ ගුණාත්මක තත්ත්වයේ පිටපත් අන්තර්ජාලයට අනවසරයෙන් නිකුත් වී තිබෙනවා. ඔක්තෝබර් 15 වනදා තිරගත වීම ආරම්භ කර මේ වන විට ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි 800 කට අධික ආදායමක් උපයාගෙන ඇති රජිනිකාන්ත්ගේ මෙම දැවැන්ත චිත්‍රපටය තවමත් සිනමාශාලාවල සාර්ථකව ප්‍රදර්ශනය වනවා.


මෙහි නිෂ්පාදන ආයතනය වන Sun Pictures විසින් මදුරාසි මහාධිකරණයෙන් අනවසර අන්තර්ජාල බෙදාහැරීම් තහනම් කරමින් නියෝගයක් ද ලබාගෙන තිබුණා. එහෙත් එය නොතකා දෙමළ, තෙළිඟු, හින්දි, කන්නඩ සහ මලයාලම් යන භාෂා සියල්ලෙන්ම වාගේ මෙම පිටපත් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා. සාමාන්‍ය සිනමාශාලා කැමරා පිටපත්වලට වඩා ඉතා ඉහළ ගුණාත්මක තත්ත්වයක් ඇති මේවා 720p සහ 1080p ගුණාත්මක බවින් යුක්ත වන අතර ඒවායේ උපසිරැසි ද අන්තර්ගතයි. (HC HQ HDRip යනු වීඩියෝව මතම ඉවත් කළ නොහැකි ලෙස උපසිරැසි (Hardcoded Subtitles) මුද්‍රණය කර ඇති, ඉතා ඉහළ ගුණාත්මකතත්ත්වයක් ඇති පිටපත් විශේෂයකි.)


කෙසේ වෙතත් නිෂ්පාදකයින් විසින් නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් මෙම පිටපත් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව සැලසුම් කළ පරිදිම නොවැම්බර් 12 වනදා සිට දෙමළ, තෙළිඟු, හින්දි, මලයාලම් සහ කන්නඩ යන භාෂාවලින් Amazon Prime Video ඔස්සේ නිල වශයෙන් මෙය නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමිවනවා.



⚠️ Disclaimer: This post is published strictly for news and informational purposes only. We do not support, promote, or encourage piracy, unauthorized distribution, or copyright infringement in any form. We respect the rights of filmmakers and content creators and encourage everyone to support the film industry by watching movies through official and legally authorized platforms. This post does not provide or intend to promote access to pirated content.