Netflix temporarily crashes as millions rush to watch GTA VI extended look

Netflix temporarily crashes as millions rush to watch GTA VI extended look

GTA VI ක්‍රීඩාවේ Extended look නිකුත් වීමත් සමඟ Netflix බිඳ වැටෙයි.

GTA VI ක්‍රීඩාවේ නවතම විනාඩි 26 ක Extended look වීඩියෝව නැරඹීම සඳහා එකවර විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් Netflix Servers තාවකාලිකව බිඳවැටීමට ලක්ව තිබෙනවා. පසුගිය අගෝස්තු 27 වනදා පැය 6 ක සුවිශේෂී කාලසීමාවක් වෙනුවෙන් Netflix වේදිකාව හරහා මෙම වීඩියෝව මුල්වරට නිකුත් කෙරුණු අතර, මිනිත්තු කිහිපයක් ඇතුළත Downdetector වෙබ් අඩවිය වෙත පරිශීලකයින් දහස් ගණනකගෙන් බිඳවැටීම් පිළිබඳ වාර්තා ලැබී තිබුණා.

කෙසේ වෙතත් මිනිත්තු 30 ක පමණ කාලයකින් පසු Netflix පද්ධතිය යථා තත්ත්වයට පත් වූ අතර, පැය 6 ක කාලසීමාව අවසන් වීමත් සමඟ අදාළ සම්පූර්ණ වීඩියෝව Rockstar Games නිල YouTube නාලිකාව සහ GTA 6 වෙබ් අඩවිය වෙත නොමිලේ නැරඹිය හැකි පරිදි මුදාහැරීමට ද කටයුතු කර තිබෙනවා.

PlayStation 5 කොන්සෝලයක් හරහා සෘජුවම පටිගත කරන ලද මෙම දර්ශන පෙළ මගින් ක්‍රීඩාවේ ප්‍රධාන චරිත ද්විත්වය වන Jason Duval සහ Lucia Caminos ගේ මෙහෙයුම්, චරිත මාරු කිරීම් (Character switching), පොලිස් හඹායාම් සහ Vice City ඇතුළු Leonida සිතියම තුළ සිදුවන ක්‍රියාකාරකම් රැසක්ම විස්තරාත්මකව ප්‍රදර්ශනය කර තිබෙනවා. ලොව පුරා අතිශය ජනප්‍රිය Grand Theft Auto VI ක්‍රීඩාව එළඹෙන නොවැම්බර් 19 වනදා PlayStation 5 සහ Xbox Series X|S සඳහා නිල වශයෙන් නිකුත් වීමට නියමිතයි.