
PUBG Mobile Flash launches worldwide to challenge Free Fire
Krafton සහ Level Infinite සමාගම් විසින් ජනප්‍රිය Battle Royale ක්‍රීඩාවක් වන PUBG Mobile හි නවතම සැහැල්ලු සංස්කරණය වන PUBG MOBILE FLASH නොවැම්බර් 13 වනදා සිට Android සහ iOS සඳහා නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.
ඉඩකඩ සීමිත සහ අඩු පහසුකම් සහිත දුරකථන භාවිත කරන ක්‍රීඩකයින් අතර දීර්ඝ කාලයක් පුරා ආධිපත්‍යය පතුරුවාගෙන සිටින Garena Free Fire ක්‍රීඩාවට සෘජු අභියෝගයක් එල්ල කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම නව සංස්කරණයේ මූලික බාගත කිරීමේ ප්‍රමාණය Android සඳහා 1 GB ට වඩා අඩු වන අතර iOS සඳහා 1.75–2 GB පමණ වනවා. මීට වසර කිහිපයකට පෙර අඩු පහසුකම් සහිත දුරකථන වෙනුවෙන් හඳුන්වා දී පසුව බොහෝ කලාපවලින් ඉවත් කළ PUBG Mobile Lite ක්‍රීඩාවේ නිල අනුප්‍රාප්තිකයා ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. එහෙත් පැරණි Lite සංස්කරණය මෙන් වෙනම ක්‍රීඩාවක් ලෙස නොව, ප්‍රධාන PUBG Mobile ක්‍රීඩාව හා සම්පූර්ණයෙන්ම සම්බන්ධ වන නවීන සංස්කරණයක් ලෙස මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
PUBG MOBILE FLASH හි ප්‍රධාන විශේෂාංග:
◉ Erangel සිතියම සහ Classic Battle Royale මාදිලිය පෙර-ස්ථාපනය කර ඇති බැවින් ක්‍රීඩකයින්ට ක්ෂණිකව තරඟ සඳහා සම්බන්ධ විය හැකියි.
◉ අනෙකුත් සිතියම්, ක්‍රීඩා මාදිලි සහ resources අවශ්‍යතාවය අනුව පසුව බාගත කරගත හැකියි.
◉ ක්‍රීඩා කිරීමට අවශ්‍ය අවම RAM ධාරිතාවය 2 GB පමණයි.
◉ ප්‍රධාන PUBG MOBILE ඇප් එක සමඟ සම්පූර්ණ account sharing සහ cross-play පහසුකම හිමිවන බැවින් ක්‍රීඩකයාගේ ක්‍රීඩා ප්‍රගතිය, මිතුරන්, inventory සහ squads සංස්කරණ දෙක අතරම ක්‍රියාත්මක වනවා.
◉ දුරකථනයේ ධාරිතාවය අනුව 60 FPS දක්වා frame rates සඳහා සහාය දක්වනවා.
මුලින් PUBG Mobile Light ලෙස නිවේදනය කළ මෙම ක්‍රීඩාව 2026 සැප්තැම්බර් මාසයේදී FLASH ලෙස නැවත නම් කෙරුණු අතර, නිකුත් කිරීමට පෙර මිලියන 27 කට අධික පෙර-ලියාපදිංචි වීම් ප්‍රමාණයක් ලබාගැනීමට ද සමත් වුණා. Level Infinite ප්‍රකාශකයින් යටතේ Google Play Store සහ Apple App Store හරහා දැන් මෙය නොමිලේ බාගත කරගත හැකියි.
Discussion
No comments yet — start the conversation.