Real Steel premiered 15 years ago today

Real Steel premiered 15 years ago today

අතිශය ජනප්‍රිය Real Steel විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය නිකුත් වී අදට වසර 15 ක් සපිරෙයි.

Shawn Levy ගේ අධ්‍යක්ෂණයෙන් සහ සම නිෂ්පාදනයෙන් නිර්මාණය වූ DreamWorks Pictures හි Real Steel විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය නිකුත් වී අදට වසර 15 ක් සපිරෙනවා.

මෙහි ප්‍රධාන චරිතය වන Charlie Kenton ලෙස Hugh Jackman රංගනයෙන් දායක වන අතර, Dakota Goyo, Evangeline Lilly, Anthony Mackie සහ Kevin Durand සෙසු ප්‍රධාන චරිත නිරූපණය කරනවා. මිනිසුන් වෙනුවට රොබෝවරුන් බොක්සිං ක්‍රීඩාවේ යෙදෙන අනාගත ලෝකයක් පදනම් කරගත් මෙහි, හිටපු බොක්සිං ක්‍රීඩකයෙකු වන Charlie සහ ඔහුගේ පුත්‍රයා වන Max එක්ව ඉවත දමා තිබූ Atom නම් රොබෝවරයෙකු පුහුණු කරමින් තරගාවලියට ඉදිරිපත් කිරීම වටා කතාව ගෙතී තිබෙනවා.

Richard Matheson විසින් 1956 වසරේ රචිත Steel කෙටිකතාව සහ ඊට අදාළ Twilight Zone කතාමාලාව පදනම් කරගනිමින් මෙය නිර්මාණය කර තිබෙනවා. ඩොලර් මිලියන 110 ක අයවැයකින් නිපදවූ මෙම චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 300 කට ආසන්න ආදායමක් උපයාගැනීමට සමත් වුණා. පිය පුතු සෙනෙහස සහ අති නවීන දෘශ්‍ය ප්‍රයෝගවලින් සමන්විත රොබෝවරුන් අතර සිදුවන සටන් දර්ශන හේතුවෙන් විචාරක පැසසුමට ලක්වූ මෙම චිත්‍රපටය වසර 15 කට පසුවත් අදටත් ප්‍රේක්ෂකයින්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් ජනප්‍රිය සිනමා නිර්මාණයක් ලෙස සැලකෙනවා.