Rudy Youngblood teases Apocalypto 2

Rudy Youngblood teases Apocalypto 2

අතිශය ජනප්‍රිය Apocalypto චිත්‍රපටයේ දෙවන කොටසක් නිර්මාණය විය හැකි බවට එහි ප්‍රධාන නළු Rudy Youngblood පවසයි.

Mel Gibson ගේ අධ්‍යක්ෂණයෙන් 2006 වසරේදී තිරගත වී ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පත් Apocalypto චිත්‍රපටයේ ප්‍රධාන චරිතය (Jaguar Paw) නිරූපණය කළ Rudy Youngblood විසින් එහි දෙවන කොටසක් පිළිබඳව ඉඟි පළ කර තිබෙනවා.

ඔහු සිය Instagram ගිණුමෙහි (@youngblood_jaguarpaw) වීඩියෝවක් පළ කරමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ වීඩියෝව සඳහා Likes මිලියනයක් හිමි වුවහොත් Apocalypto 2 චිත්‍රපටය ප්‍රේක්ෂකයින් වෙත ගෙන එන බවත්, එහිදී Jaguar Paw සිය පළිගැනීම සිදු කරනු ඇති බවත්ය. "Apocalypto සමඟින් කතාව අවසන් වුණේ නැහැ. මෙය මීළඟ පරිච්ඡේදයේ ආරම්භය පමණයි" යනුවෙන් ද ඔහු එහි වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා අදාළ වීඩියෝවේ Netflix ආයතනය (@netflix) mention කරන ලෙසද ඔහු රසිකයින්ගෙන් ඉල්ලා ඇති අතර, දින කිහිපයක් ඇතුළත එම සටහන සඳහා ලක්ෂ ගණනින් Likes හිමි වෙමින් පවතින බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, මෙම රසික ඉල්ලීම් ව්‍යාපාරය Rudy Youngblood ගේ පෞද්ගලික උත්සාහයක් පමණක් වන අතර, Mel Gibson, මුල් නිෂ්පාදන කණ්ඩායම හෝ Netflix ආයතනය විසින් Apocalypto 2 නිර්මාණය කිරීම පිළිබඳව මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැහැ.