Skydance: Paramount and Warner Bros. Discovery unite under new corporate name

Skydance: Paramount and Warner Bros. Discovery unite under new corporate name

Paramount සහ Warner Bros. Discovery එක්ව නිර්මාණය වන නව ඒකාබද්ධ සමාගම Skydance ලෙස නම් කරයි, ඒ අනුව ඔවුන්ට අයිති දැවැන්ත නිර්මාණ මේවායි.

ඩොලර් බිලියන 111 ක දැවැන්ත අත්පත් කරගැනීමක් හරහා Warner Bros. Discovery සමාගම Paramount Skydance සමඟ එක්ව නිර්මාණය වන නව ඒකාබද්ධ සමාගම Skydance ලෙස නම් කරන බව එහි ප්‍රධාන විධායක නිලධාරී David Ellison සිකුරාදා නිවේදනය කළා. මෙම ගනුදෙනුව 2026 ඔක්තෝබර් 06 වන අඟහරුවාදා නිල වශයෙන් අවසන් වීමට නියමිත අතර, සමාගමේ කොටස් වෙළෙඳපොළ නාමය SKYD ලෙස වෙනස් වීමට නියමිතයි. කෙසේ වෙතත් Paramount Pictures සහ Warner Bros. Pictures යන නාමයන් නව මව් සමාගම යටතේ අනුබද්ධ සන්නාම ලෙස පෙර පරිදිම ක්‍රියාත්මක වනවා. 2006 වසරේදී David Ellison විසින් ආරම්භ කළ Skydance නිෂ්පාදන සමාගම මෙලෙස දැවැන්ත සමාගම් ජාලයක නිල නාමය බවට පත්වන අතර, Mattel සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී Ynon Kreiz ද සම ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස ආයතනයේ දෛනික මෙහෙයුම් සඳහා එක්වීමට නියමිතයි.

මෙම ඒකාබද්ධ වීමත් සමඟ සිනමාවේ සහ රූපවාහිනියේ දැවැන්තම නිර්මාණ පෙළක් Skydance පාලනය යටතට පත්වන අතර, ඊට අදාළ ප්‍රධාන චිත්‍රාගාර, චිත්‍රපට මාලා සහ නාලිකා ජාලයන් පහත පරිදි වනවා:

🏬

ප්‍රධාන චිත්‍රාගාර:
◉ Paramount Pictures
◉ Warner Bros. Pictures
◉ New Line Cinema
◉ DC Studios
◉ Skydance Animation
◉ Paramount Animation
◉ Warner Bros. Animation

🎞️

ජනප්‍රිය චිත්‍රපට සහ කතාමාලා:
◉ Batman, Superman ඇතුළු DC Universe
◉ Harry Potter සහ Wizarding World
◉ The Lord of the Rings
◉ Mission: Impossible
◉ Top Gun
◉ Transformers
◉ Star Trek
◉ Game of Thrones
◉ The Matrix
◉ Yellowstone Universe
◉ SpongeBob SquarePants
◉ Teenage Mutant Ninja Turtles
◉ The Conjuring Universe
◉ Beetlejuice
◉ Looney Tunes
◉ Dune චිත්‍රපටයේ බෙදාහැරීමේ අයිතිය
◉ The Godfather වැනි සම්භාව්‍ය නිර්මාණ ඇතුළු තවත් නිර්මාණ රැසක්

📺

Paramount සතු ප්‍රධාන රූපවාහිනී නාලිකා:
◉ CBS
◉ Nickelodeon, Nick Jr. සහ Nicktoons
◉ MTV
◉ Comedy Central
◉ BET
◉ CMT
◉ Showtime
◉ Paramount Network
◉ TV Land
◉ Smithsonian Channel

📺

Warner Bros. Discovery සතු ප්‍රධාන රූපවාහිනී නාලිකා:
◉ CNN සහ CNN International
◉ HBO
◉ Cartoon Network, Adult Swim සහ Boomerang
◉ TNT
◉ TBS
◉ Discovery Channel
◉ HGTV
◉ Food Network
◉ TLC
◉ Animal Planet
◉ Investigation Discovery
◉ Turner Classic Movies හෙවත් TCM
◉ truTV

🖥️

ස්ට්‍රීමිං සේවාවන්:
◉ Paramount+
◉ HBO Max
◉ Discovery+
◉ Pluto TV

ප්‍රාන්ත නීතිපතිවරුන් සමඟ ඇති කරගත් නීතිමය එකඟතාවකට අනුව, ඉදිරි වසර පහක කාලය තුළ Paramount සහ Warner Bros. සතු කේබල් නාලිකාවල විකාශන ගිවිසුම් වෙන වෙනම සාකච්ඡා කිරීමට ද නියමිතයි. ඉදිරියේදී Paramount+ සහ HBO Max එක් වේදිකාවක් බවට ඒකාබද්ධ කිරීමේ සැලසුම් ද ක්‍රියාත්මක වනවා.

සිනමා චිත්‍රාගාර, ප්‍රවෘත්ති ජාල, ළමා වැඩසටහන් සහ ස්ට්‍රීමිං සේවා ඇතුළු දැවැන්ත මාධ්‍ය ජාලයක පාලනය හිමිවීමත් සමඟ Skydance ලොව ප්‍රබලතම මාධ්‍ය සමාගමක් බවට පත්වනවා.