
The Academy bans AI from ever winning an Oscar for acting or screenwriting
ඔස්කාර් (Oscar) සම්මාන උළෙල මෙහෙයවන Academy of Motion Picture Arts and Sciences ආයතනය විසින් රංගන සහ තිර රචන අංශයන් සඳහා AI (Artificial Intelligence) මගින් සිදු කරන නිර්මාණ ඉදිරිපත් කිරීම සහ සම්මාන ලබා දීම සම්පූර්ණයෙන්ම තහනම් කරයි.
මෙම නව තීරණයට අනුව රංගන අංශයෙන් සම්මානයට පාත්ර වීමට නම් අදාළ චරිත නිරූපණය මිනිසෙකු විසින්ම ඔවුන්ගේ පූර්ණ එකඟතාවය මත සිදු කරන ලද්දක් බව ඔප්පු කළ යුතු බවට දැඩි නීතියක් පනවා ඇත.
එලෙසම ඕනෑම චිත්රපට තිර රචනයක් ඔස්කාර් සම්මානයක් සඳහා සුදුසුකම් ලැබීමට නම් එය සම්පූර්ණයෙන්ම මිනිසෙකු විසින්ම රචනා කරන ලද්දක් විය යුතු බවත් එහිදී AI භාවිතය සුදුසුකම් අවලංගු වීමට හේතු වන බවත් Academy ආයතනය අවධාරණය කර තිබෙනවා. සිනමා කර්මාන්තය තුළ මිනිස් නිර්මාණශීලීත්වයට හිමි තැන සුරැකීම සහ තාක්ෂණික දියුණුව හමුවේ වෘත්තීය නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙම තීරණයේ ප්රධාන අරමුණයි.
Discussion
No comments yet — start the conversation.