The Indians have created a Subway Surfers God

The Indians have created a Subway Surfers God

ලොව පුරා අතිශය ජනප්‍රිය ජංගම දුරකථන වීඩියෝ ක්‍රීඩාවක් වන Subway Surfers හි තේමාවට අනුව ඉන්දියානු ජාතිකයන් පිරිසක් ගණ දෙවි දේවාලයක් නිර්මාණය කරයි. සාම්ප්‍රදායික ආගමික සංකල්ප සහ නූතන වීඩියෝ ක්‍රීඩා සංස්කෘතියේ අපූරු සංකලනයක් ලෙස බොහෝ දෙනා මෙය හඳුන්වනු ලබනවා.

කහ පැහැති hoverboard එකක් මත සිටින ගණ දෙවි ප්‍රතිමාව වටා දුම්රිය මාර්ග, රන් කාසි, power-ups සහ ක්‍රීඩාවේ සිටින කොළ පැහැති නිල ඇඳුම ඇඳි ආරක්ෂක නිලධාරියා ඇතුළු Subway Surfers ක්‍රීඩාවේ සැබෑ අත්දැකීමක් ගෙන දෙන අයුරින් මෙම අලංකාර දේවාලය නිර්මාණය කර තිබෙනවා. මේ වන විට බොහෝ දෙනෙකු මල්මාලා සහ පූජා වට්ටි රැගෙන එම දේවාලය නැරඹීමට පැමිණෙනවා.

2012 වසරේදී ඩෙන්මාර්කයේ SYBO සහ Kiloo සමාගම් විසින් හඳුන්වා දුන් මෙම ක්‍රීඩාව ඉන්දියාව තුළ අතිශය ජනප්‍රිය විය.