Tim Cook steps down as Apple CEO after 15 years

Tim Cook steps down as Apple CEO after 15 years

Apple සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ලෙස වසර 15 ක් පුරා කටයුතු කළ Tim Cook සිය ධූරයෙන් සමුගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු 31 වනදා ඔහු සිය ධූරයෙන් නිල වශයෙන් ඉවත් වූ අතර, සැප්තැම්බර් 1 වනදා සිට සමාගමේ නව CEO ලෙස පත් කර ඇත්තේ මෙතෙක් එහි Hardware Engineering අංශයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ John Ternus යි.

2011 වසරේදී සමාගමේ සම-නිර්මාතෘ Steve Jobs ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව Tim Cook මෙම ධූරය භාරගන්නා විට Apple සමාගමේ වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 350 ක් පමණක් වූ අතර, ඔහුගේ නායකත්වය යටතේ මේ වන විට එය ඩොලර් ට්‍රිලියන 4 කට අධික දැවැන්ත වටිනාකමක් සහිත ලොව 2 වන විශාලතම සමාගම බවට පත්ව තිබෙනවා. එමෙන්ම Apple Watch, AirPods සහ Apple Vision Pro වැනි අතිසාර්ථක නිෂ්පාදන රැසක් හඳුන්වා දීමට ද ඔහු කටයුතු කළා.

කෙසේ වෙතත් 65 හැවිරිදි Tim Cook සමාගමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් නොවන අතර, ඔහු ඉදිරියේදී සමාගමේ Executive Chairman ලෙස කටයුතු කරනු ඇති. 2001 වසරේදී Apple සමාගමට එක්වූ 50 හැවිරිදි නව CEO John Ternus, සැප්තැම්බර් 9 වනදා පැවැත්වීමට නියමිත Apple හි මීළඟ ප්‍රධාන උත්සවයේදී මූලිකත්වය ගෙන කටයුතු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.