Veteran Indian actor Nana Patekar passes away at 75

Veteran Indian actor Nana Patekar passes away at 75

ඉන්දීය සිනමාවේ අද්විතීය රංගන ශිල්පියෙකු වන ප්‍රවීණ නළු Nana Patekar අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. Goa හි පිහිටි සිය නිවසේදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වයස අවුරුදු 75 දී ඔහු මෙලෙස මියගොස් ඇති බවයි ඔහුගේ පුත් Malhar Patekar තහවුරු කළේ.

අලුයම 2:30 ට පමණ ඇතිවූ දැඩි පපුවේ වේදනාවක් හේතුවෙන් ඔහුව Goa හි Manipal රෝහලට ඇතුළත් කර ඇති අතර, වෛද්‍යවරුන් මිනිත්තු 45 ක් පුරා දැඩි උත්සාහයක නිරත වුවද අලුයම 5:20 ට පමණ ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙය වෛද්‍ය නීතිමය තත්ත්වයක් ලෙස සලකා Goa වෛද්‍ය විද්‍යාලයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියෝග කර ඇති අතර, ඔහුගේ අවසන් කටයුතු Pune හි පිහිටි ඔහුගේ ගොවිපොළේදී සිදුකිරීමට නියමිතයි. Maharashtra ප්‍රාන්ත රජය විසින් ඔහුට පූර්ණ රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍ය උත්සවයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

1978 වසරේදී සිනමාවට පිවිසි ඔහු, දශක පහකට ආසන්න කාලයක් පුරා Parinda, Krantiveer, Salaam Bombay! සහ Welcome ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නා. සිය විශිෂ්ට රංගනය වෙනුවෙන් ජාතික චිත්‍රපට සම්මාන 3 ක් මෙන්ම පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබූ Nana Patekar ගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi ඇතුළු Bollywood ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් සිය ශෝකය පළකර තිබෙනවා.