Veteran Sri Lankan animator and filmmaker Givantha Arthasad passes away at 73

Veteran Sri Lankan animator and filmmaker Givantha Arthasad passes away at 73

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ (Animation) චිත්‍රපටයේ නිර්මාතෘ ගිවන්ත අර්ථසාද් අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ (Animation) චිත්‍රපටයේ නිර්මාතෘවරයා මෙන්ම ප්‍රවීණ කලා ශිල්පියෙකු ද වන ගිවන්ත අර්ථසාද් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 73 හැවිරිදි වියේ පසුවූ ඔහු, පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 1979 වසරේදී ඔහු විසින් නිර්මාණය කරන ලද ‘දුටුගැමුණු’ චිත්‍රපටය මෙරට ප්‍රථම සජීවීකරණ කාටුන් චිත්‍රපටය ලෙස වාර්තා අතරට එක්ව තිබෙනවා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් ගේ සොහොයුරා ද වන ඔහු, චිත්‍ර කලාව, සජීවීකරණය, කැමරාකරණය, වේශ නිරූපණය, කලා අධ්‍යක්ෂණය සහ සිනමාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ දේශීය කලා ක්ෂේත්‍රය වෙත අතිවිශාල දායකත්වයක් ලබාදුන් අද්විතීය කලාකරුවෙක්.