
24-year-old arrested by Sri Lanka Police for promoting LTTE through modified songs
පසුගිය මැයි 31 වැනිදා චාවකච්චේරිය, නාවක්කුලි ප්රදේශයේ පැවති සංගීත ප්රසංගයක් අතරතුරදී, තහනම් සංවිධානයක් වන LTTE සංවිධානය ප්රවර්ධනය වන ආකාරයෙන් ගීත ගායනා කළ කිලිනොච්චිය, උදයනගර් ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි Sangeethsan Ganeshakumar හෙවත් Hip Hop Sangee යනුවෙන් හඳුන්වන තරුණයෙකුව ශ්රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජූනි 02 වැනිදා සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු ක්රියාත්මක වූ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මොහු අදාළ ප්රසංගයේදී ගායනා කළ ගීත දෙකක් LTTE සංවිධානය ප්රවර්ධනය වන ආකාරයට විශේෂයෙන් සංස්කරණය කර, ඊට ඔහු විසින්ම හඬකවා TikTok ඇතුළු සිය සමාජ මාධ්ය ගිණුම් හරහා ප්රචාරය වීමට ඉඩ සලස්වා ඇති බවයි.
මෙම ක්රියාව ශ්රී ලංකාවේ 1978 අංක 48 දරන PTA (Prevention of Terrorism Act) හෙවත් ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ 3 (උ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් වනවා. ඒ අනුව චාවකච්චේරි මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුව එළඹෙන ජූනි 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.



Discussion
No comments yet — start the conversation.