
Samanalee Fonseka says Maitreyi has every right to identify as 'Eelam Tamil'
Maitreyi Ramakrishnan හට තමන් ඊළාම් ජාතිකයෙක් බවට පැවසීමට සම්පූර්ණ අයිතියක් ඇති බවට රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා පවසයි.
කැනේඩියානු ජනප්‍රිය දෙමළ නිළි Maitreyi Ramakrishnan විසින් තමන් ‘Eelam Tamil’ පසුබිමක කාන්තාවක් බව සඳහන් කිරීමත් සමඟ මතුව ඇති සමාජ මාධ්‍ය කතාබහට ප්‍රවීණ රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා සිය අදහස් දක්වා තිබෙනවා. 2009 දී යුද්ධය අවසන් වුවත් තවමත් සැබෑ සාමය උදා වී නොමැති බව පෙන්වා දෙන ඇය, Maitreyi හට තම අනන්‍යතාවය එලෙස හඳුනාගැනීමට සම්පූර්ණ අයිතියක් ඇති බව අවධාරණය කරනවා.
83 කළු ජූලියෙන් සහ යුද්ධයෙන් බැට කෑ දෙමළ ජනතාවගේ
ඉතිහාසය මෙන්ම, LTTE ප්‍රහාර හමුවේ ආදරණීයයන් අහිමි වූ සිංහල පවුල්වල වේදනාව ද කිසිසේත් බැහැර කළ නොහැකි බවයි ඇය පවසන්නේ. එසේම, ජාතිවාදය සහ ජනතාවගේ පැරණි බිය නැවත අවදි කරමින් උතුරේ මෙන්ම දකුණේ ද දේශපාලන බලවේග තම බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන බවට ද ඇය චෝදනා කරනවා.
එක් අයෙකුට “Eelam” යනු තම මුතුන්මිත්තන්ගේ අනන්‍යතාව වන විට තවත් අයෙකුට එය යුද්ධයේ මරණය සහ බිය සිහිපත් කරන වචනයක් විය හැකි බව පවසන සමණලී, සැබෑ සාමය යනු ඒ මතකයන් මකා දැමීම නොව එකිනෙකාගේ වේදනාවන් තේරුම් ගනිමින් එකට ජීවත් වීමට හැකි සමාජයක් නිර්මාණය කරගැනීම බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.