
Protest held in London over removal of Thileepan statue in Jaffna
යාපනය නල්ලූර් ප්‍රදේශයේ තාවකාලිකව ඉදිකර තිබූ හිටපු L.T.T.E දේශපාලන අංශ නායක තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී විරෝධතාවක් පවත්වා තිබෙනවා. Movement for Self-Determination of Tamil Eelam සංවිධානය විසින් සංවිධානය කළ මෙම පාගමන ලන්ඩනයේ ඩවුනින් වීදියේ පිහිටි අගමැති නිල නිවස අසලින් ආරම්භ වී බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය දක්වා ගමන් කළා.
තිලීපන්ගේ 39 වන ගුණසැමරුම වෙනුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී නල්ලූර් කන්දසාමි කෝවිල අසල පිහිටි ස්මාරක භූමියේ ස්ථාපිත කළ මෙම ලෝකඩ ප්‍රතිමාව, සැමරුම් කටයුතු අවසන් වීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කර ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉවත් කරනු ලැබුවා. එල්ටීටීඊ සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් වන බැවින් ඊට අදාළ සංකේත හෝ ප්‍රතිමා ප්‍රවර්ධනය කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බවයි ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ. මෙම ඉවත් කිරීමට එරෙහිව උතුරු සහ නැගෙනහිර පළාත්වල ද මීට පෙර විරෝධතා හටගෙන තිබුණා.
Discussion
No comments yet — start the conversation.