Demands and protests mount in Jaffna urging transfer of HQI Prasad Abeygunasekara

Demands and protests mount in Jaffna urging transfer of HQI Prasad Abeygunasekara

යාපනය නල්ලූර් හි පිහිටුවා තිබූ හිටපු L.T.T.E සාමාජික තිලීපන්ගේ ලෝකඩ ප්‍රතිමාව ඉවත් කිරීමට මුල්වී ක්‍රියාකළ යාපනය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් අබේගුණසේකර මහතා වහාම එම ධුරයෙන් ස්ථාන මාරු කරන ලෙස බලකරමින් දෙමළ දේශපාලන පක්ෂ, සිවිල් ක්‍රියාකාරීන් සහ ප්‍රදේශවාසීන් විසින් යාපනයේදී දැවැන්ත විරෝධතා ආරම්භ කර තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 27 වනදා අලුයම 20 කට අධික පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමඟ පැමිණ මෙම පිළිරුව ඉවත් කිරීමට මූලිකත්වය ගත්තේ මෙම නිලධාරියා බවයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ. අදාළ ඉවත් කිරීමට දැඩි විරෝධය පළ කරන දෙමළ දේශපාලන නියෝජිතයින් සහ සංවිධාන පෙන්වා දෙන්නේ, ජනතාවගේ හැඟීම්වලට හානි කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කළ මෙම පොලිස් නිලධාරියා වහාම උතුරු පළාතෙන් වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරු කළ යුතු බවයි.

කෙසේ වෙතත්, තහනම් ත්‍රස්තවාදී සංවිධානයක සංකේත හෝ සාමාජිකයින් සැමරීමට මෙරට නීතියෙන් ඉඩක් නොමැති බැවින්, අධිකරණ කරුණු දැක්වීම් මත නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය පියවර ගත් බවයි ආරක්ෂක අංශ මීට පෙර අවධාරණය කළේ.