Man arrested in Thailand for allegedly sexually assaulting koi fish

Man arrested in Thailand for allegedly sexually assaulting koi fish

තායිලන්තයේදී කෝයි මත්ස්‍යයෙකුව ලිංගික අපයෝජනය කළ  51 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට.

තායිලන්තයේ බැංකොක් නුවර පෞද්ගලික නිවසක පොකුණක සිටි කෝයි මසුන්ට ලිංගික අපයෝජනය කළ 51 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු Suchitchai හෙවත් Sutthichai හෝ Tong ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු සැප්තැම්බර් 10 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සැප්තැම්බර් 7 වැනිදා රාත්‍රී 8.30ට පමණ Soi Vibhavadi Rangsit 66 ප්‍රදේශයේ නිවසක පොකුණක් ආසන්නයේ සිදුව ඇති බව සඳහන්.

පොලිසිය පවසන්නේ CCTV දර්ශනවලට අනුව සැකකරු බයිසිකලයකින් පැමිණ පොකුණ වටා ඇවිදිමින් සිට පසුව ඇඳුම් ගලවා පොකුණට බැස කොයි මත්සයෙකු අල්ලාගෙන එම මත්සයා සමඟ ලිංගික ක්‍රියාවක නිරත වන ආකාරය දැකගත හැකි බවයි. ඔහු එම ක්‍රියාව කිහිපවරක් සිදුකර මත්සයා නැවත පොකුණට දමා ඇති බවද පොලිසිය සඳහන් කර තිබෙනවා. 

නිවසේ හිමිකරු සහ සේවිකාව මෙම සිද්ධිය දැකීමෙන් පසු සැකකරු එම ස්ථානයෙන් බයිසිකලයකින් පලාගොස් ඇති අතර, ඔහු පසුපස හඹාගිය නිවසේ හිමිකරු ඇද වැටී තුවාල ලබා තිබෙනවා. පසුව ඔහු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. CCTV දර්ශන ඔස්සේ විමර්ශන සිදුකළ Thung Song Hong පොලිසියේ නිලධාරීන් සැකකරු අසල ප්‍රදේශයකදී හඳුනාගෙන ඇති අතර, ඔහු පලා යාමට උත්සාහ කළද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රශ්න කිරීම්වලදී සැකකරු චෝදනා කර ඇති ක්‍රියාවන් පිළිබඳව පිළිගෙන ඇති බව පොලිසිය පවසනවා. ඔහු පවසා ඇත්තේ ස්නානය කිරීමේ අරමුණින් එම ප්‍රදේශයට පැමිණි බවත්, කොයි මසුන් දැකීමෙන් පසු ලිංගික උද්දීපනයක් ඇතිවීම හේතුවෙන් එම ක්‍රියාව සිදු කළ බවත්ය. පොදු නාන කාමර හෝ මුදල් ගෙවා ලිංගික සේවා ලබා ගැනීමට තමන්ට මුදල් නොමැති බවත්, අතීතයේ වෙනත් මසුන් සමඟ ද මෙවැනි දේ කර ඇති බවත්, කටු සහිත සැකර් මසුන් හෝ ප්ලෙකෝ වැනි විශේෂ වලට වඩා වේදනාව අඩු නිසා කෝයි මසුන්ට වැඩි කැමැත්තක් දක්වන බවත්, මීට පෙර සුනඛයෙකු ලිංගිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් තමන් සිරගත වී ඇති බවත්, ඉවත දමන ලද බෝනික්කන්ද අපයෝජනය කළ බවත් ඔහු පිළිගෙන ඇත.

Thung Song Hong පොලිස් ස්ථානාධිපති Police Colonel Yutthasilp Karin පවසන්නේ සැකකරුට අනවසරයෙන් ඇතුළුවීම, දේපළවලට හානි කිරීම, මහජන අපකීර්තියට හේතු වන ක්‍රියා සිදු කිරීම සහ සත්ව හිංසනය ඇතුළු චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.ක්සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරුද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

අසාමාන්‍ය සිද්ධියක් වීම හේතුවෙන් මෙම සිදුවීම මේ වන විට තායිලන්තයේ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය තුළද දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

Koi මත්‍යසයින්
0:00
/1:14

අදාල සිදුවීමේ CCTV දර්ශන

අදාල සිදුවීමේ CCTV දර්ශන