CHINTHY grants lifetime concert access to a fan for getting his tattoo

CHINTHY grants lifetime concert access to a fan for getting his tattoo

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන ශිල්පී චින්ති තමන් වෙනුවෙන් සිරුරේ Tattoo එකක් නිර්මාණය කරගත් සිය සැබෑ රසිකයෙකුට අපූරු තෑග්ගක් ලබා දී තිබෙනවා. ඒ අදාළ රසිකයාට තමන්ගේ ඉදිරි සියලුම ප්‍රසංග සඳහා ජීවිත කාලය පුරාම නොමිලේ සහභාගී වීමේ අවස්ථාව මෙන්ම ඉදිරියට නිකුත් වන සංගීත ඇල්බම ද නොමිලේ ලබා දීමට පියවර ගැනීමයි.

2006 වසරේ නිකුත් කළ Rising From the East ඇල්බමය හරහා ක්ෂේත්‍රයට පිවිසි ඔහු Sokari, Naaree වැනි පැරණි ගීත මෙන්ම මෑතකදී නිකුත් වූ Lassanata Idunu සහ Sarapai Goda වැනි ගීත හරහා ද ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා. මීගමුවේ උපත ලද මෙම ගායන ශිල්පියාට සිය උපරිම ගෞරවය දැක්වීමක් ලෙස අදාළ රසිකයා විසින් චින්තිගේ නම සහ ගීත කොටස් ඇතුළත් මෙම ටැටූව නිර්මාණය කරගෙන ඇති බව සඳහන්.

මෙම ක්‍රියාවෙන් ඔහුගේ සැබෑ පක්ෂපාතීත්වය පෙන්නුම් කරන බව පවසමිනුයි චින්ති විසින් මෙම දුර්ලභ තෑග්ග ඔහුට ලබා දී ඇත්තේ.
ඒ අනුව එළඹෙන නොවැම්බර් 14 වනදා හැව්ලොක් පිටියේදී පැවැත්වෙන Jahutapola 2026 ප්‍රසංගය ද ඇතුළුව චින්තිගේ ඉදිරි සියලුම ප්‍රසංග සඳහා මෙම රසිකයාට එක්විය හැකියි. කලාකරුවෙකු සහ රසිකයෙකු අතර ඇති ශක්තිමත් බැඳීම පෙන්වා දෙන මෙම අපූරු සිදුවීම සැබෑ ප්‍රේක්ෂකයෙකුට ලැබුණු ඉතා වටිනා ත්‍යාගයක් ලෙස හැඳින්විය හැකියි.