
A cafe visited by Christopher Nolan, Matt Damon and Tom Holland in Mumbai, India has its food licence suspended
The Odyssey චිත්රපටයේ ප්රචාරණ කටයුතු සඳහා ඉන්දියාවට පැමිණි පසු Christopher Nolan, Matt Damon සහ Tom Holland ආහාර ගත් ආපන ශාලාවේ ආහාර ගබඩා කරන ස්ථානයේ කැරපොත්තන් සහ මූත්රා නළයක් තිබීම හේතුවෙන් ආහාර බලපත්රය අහෝසි කරයි.
ජනප්රිය චිත්රපට අධ්යක්ෂක Christopher Nolan මෙන්ම සුපිරි නළු Matt Damon සහ Tom Holland පසුගියදා පැමිණි ඉන්දියාවේ Mumbai නුවර පිහිටි වසර 108 ක් පැරණි ඓතිහාසික ආපනශාලාවේ ආහාර බලපත්රය (food license) අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. Maharashtra Food and Drug Administration හෙවත් FDA ආයතනය විසින් Colaba හි පිහිටි ප්රකට Olympia Coffee House ආපනශාලාවේ සිදුකළ හදිසි පරීක්ෂාවකින් අනතුරුව දැඩි සෞඛ්යාරක්ෂිත ගැටලු රැසක් අනාවරණය වීම හේතුවෙන් වහාම ක්රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.
Christopher Nolan ගේ The Odyssey චිත්රපටයේ මංගල දර්ශනය සඳහා පසුගියදා ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී මෙම සුපිරි තරු ත්රිත්වය මෙම පාරම්පරික Irani ආපනශාලාවට පැමිණ ආහාර රස විඳ තිබූ අතර, ඉන් මාස 2 කට පමණ පසුව මෙම පරීක්ෂාව සිදුව තිබෙනවා. පාරිභෝගික පැමිණිල්ලක් මත පසුගිය සැප්තැම්බර් 16 වනදා සිදුකළ මෙම පරීක්ෂාවේදී, ආහාර ගබඩා කරන ස්ථානය තුළ මුත්රා මාර්ගයක් (urinal) පිහිටා තිබීම, කැරපොත්තන් සහ මැස්සන් බහුලව ගැවසීම, බිම තබා ආහාර පිළියෙළ කිරීම, අපිරිසිදු ජලය භාවිතය සහ නුසුදුසු ආහාර පිසින ස්ථාන පවතින බව නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
මීට අමතරව ශීතකරණය තුළ මස් සහ ලේ කොටස් රැඳී තිබීම, එළවළු සහ මස් වර්ග වෙන් නොකර එකට ගබඩා කිරීම, හානි වූ ලී කැපුම් ලෑලි භාවිතය මෙන්ම සේවකයින් නිසි ආරක්ෂිත ඇඳුම් නොඇඳීම ද මෙහිදී අනාවරණය වී තිබෙනවා. එමෙන්ම එහි සේවය කරන 35 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයෙන් 34 දෙනෙකුම අනිවාර්ය ආහාර සුරක්ෂිතතා පුහුණුව ලබා නොතිබූ අතර, නිසි ජල පරීක්ෂණ වාර්තා හෝ සනීපාරක්ෂක වාර්තා ද ඉදිරිපත් කිරීමට ආයතනය අපොහොසත් වී තිබෙනවා. ඒ අනුව 2006 වසරේ Food Safety and Standards Act පනත යටතේ මෙම ආපනශාලාවේ ආහාර මිලදී ගැනීම, පිළියෙළ කිරීම, ගබඩා කිරීම සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, අඩුපාඩු සකසා නැවත පරීක්ෂණයකින් සමත් වන තෙක් එහි මෙහෙයුම් නතර කිරීමට නියෝග කර තිබෙනවා.


Discussion
No comments yet — start the conversation.