A fan in Indonesia appears to faint after touching The Weeknd

A fan in Indonesia appears to faint after touching The Weeknd

ඉන්දුනීසියාවේ ප්‍රසංගයකදී The Weeknd ස්පර්ශ කල රසිකාවියක් උද්‍යෝගය දරාගත නොහැකිව සිහිසුන්ව ඇද වැටෙයි.

කැනේඩියානු ගායක The Weeknd සිය After Hours Til Dawn Tour ප්‍රසංග මාලාව අතරතුර වේදිකාව ආසන්නයේ සිටි රසිකයින් සමඟ සිටින අවස්ථාවකදී, ඔහුව ස්පර්ශ කළ එක් රසිකාවියක් අධික උද්‍යෝගය දරාගත නොහැකිව සිහිසුන්ව ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

The Weeknd සැප්තැම්බර් 26 සහ 27 යන දිනවල ඉන්දුනීසියාවේ Jakarta International Stadium හිදී දින දෙකක් පුරා සිය ප්‍රසංගය පැවැත්වූ අතර, මෙය ඔහු ඉන්දුනීසියාව තුළ පැවැත්වූ පළමු දැවැන්ත තනි ප්‍රසංගය ලෙස ද ඉතිහාසයට එක්වනවා.

Jakarta ප්‍රසංගය අතරතුර ඔහු රසිකයින් අතරට ගොස් ඔවුන් සමඟ අත්වැල් බැඳගැනීම, Out of Time ගීතය ගායනා කිරීම සඳහා රසිකයෙකුට අවස්ථාව ලබා දීම මෙන්ම ආරක්ෂිත වැට අසල සිටි කුඩා දැරියක තල්ලු කළ වැඩිහිටි ප්‍රේක්ෂකයෙකුට අවවාද කිරීම වැනි සුවිශේෂී සිදුවීම් රැසක් ද දක්නට ලැබුණා. කෙසේ වෙතත්, මෙම සිහිසුන්ව ඇද වැටුණු රසිකාවියගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති අතර, දැවැන්ත ප්‍රසංගවලදී ප්‍රියතම කලාකරුවන් ඉතා ආසන්නයෙන් දැකීමේදී රසිකයින් මෙලෙස දැඩි සංවේදී වීම සාමාන්‍ය තත්ත්වයක් බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.

2018 වසරේ Bali හි පැවති ප්‍රසංගයෙන් පසුව වසර ගණනාවකට පසු ඔහු නැවතත් ඉන්දුනීසියාව වෙත පැමිණෙන තෙක් බලා සිටි රසිකයින්ගේ දැඩි සහයෝගය මධ්‍යයේ, ඔහුගේ මෙම ආසියානු සංචාරයේ Jakarta ප්‍රසංගය අතිසාර්ථකව නිමාවට පත්ව තිබෙනවා.