Cody Rhodes calls Vidyut Jammwal the ‘Most Handsome Man’ and ‘Jackie Chan of India.

Cody Rhodes calls Vidyut Jammwal the ‘Most Handsome Man’ and ‘Jackie Chan of India.

WWE සුපිරි තරුවක් වන Cody Rhodes විසින් ඉන්දීය රංගන ශිල්පී Vidyut Jammwal ව ‘තමන් මෙතෙක් දුටු කඩවසම්ම මිනිසා’ මෙන්ම ‘ඉන්දියාවේ Jackie Chan’ ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

WWE සුපිරි තරුවක් වන Cody Rhodes විසින් ඉන්දීය රංගන ශිල්පී Vidyut Jammwal හට ඉහළ ඇගයීමක් ලබා දී තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනා එක්ව රංගනයෙන් දායක වන නවතම Street Fighter සජීවී ක්‍රියාදාම චිත්‍රපටයේ රූගත කිරීම්වලින් අනතුරුවයි. එහිදී Cody Rhodes විසින් Vidyut Jammwal ව ‘මෙතෙක් දුටු කඩවසම්ම මිනිසා’ මෙන්ම ‘ඉන්දියාවේ Jackie Chan’ ලෙසද හඳුන්වා දී තිබෙනවා.

Andrew Schulz ගේ Flagrant පෝඩ්කාස්ට් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර, Vidyut Jammwal ව පළමුවරට දුටු අවස්ථාවේදී තමන් ඒ බව සිය බිරිඳ වන Brandi Rhodes හටද පැවසූ බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා. Vidyut Jammwal ගේ සටන් කලා හැකියාවන් සහ පරම්පරා ගණනාවක් පුරා ඔහුගේ පවුල විසින් ප්‍රගුණ කරනු ලබන ඉන්දියාවේ පැරණි සටන් කලාවක් වන Kalaripayattu පුහුණුව පිළිබඳව ද මෙහිදී Andrew Schulz සහ Cody Rhodes ගේ දැඩි ප්‍රශංසාවට ලක්ව තිබෙනවා. ඔහුගේ විනයගරුක ජීවන රටාව ද ඔවුන්ගේ අගය කිරීමට ලක් වූ අතර, අතිශය කාරුණික පුද්ගලයෙකු වන ඔහු රූගත කිරීම් අවසන් වූ දින Cody Rhodes හට විශේෂ සමරු තිළිණ කිහිපයක් ද ලබා දී තිබෙනවා.

මෙම මස, එනම් 2026 ඔක්තෝබර් 16 වැනිදා තිරගත වීමට නියමිත Street Fighter චිත්‍රපටයේ Vidyut Jammwal විසින් Dhalsim ගේ චරිතයටත්, Cody Rhodes විසින් Guile ගේ චරිතයටත් පණ පොවනවා. මීට අමතරව Andrew Schulz විසින් Dan Hibiki ගේ චරිතය නිරූපණය කරන අතර, Jason Momoa, Roman Reigns, 50 Cent සහ Noah Centineo ඇතුළු ජනප්‍රිය තරු රැසක් ද මෙම චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වනවා.