
A Gene Wilder biopic is officially in development
Willy Wonka ලෙස ලොව පුරා අතිශය ජනාදරයට පත් වූ අභාවප්‍රාප්ත ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී Gene Wilder ගේ ජීවිත කතාව ඇසුරින් චරිතාපදාන චිත්‍රපටයක් නිර්මාණය කිරීම මේ වන විට නිල වශයෙන් ආරම්භ කර ඇති බව Deadline වෙබ් අඩවිය වාර්තා කරනවා.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Dito Montiel විසින් සිදු කරනු ලබනවා. Willy Wonka & the Chocolate Factory, Young Frankenstein වැනි චිත්‍රපට හරහා ලොව පුරා අතිවිශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් මෙම සුවිශේෂී රංගන ශිල්පියාගේ සැබෑ ජීවිතයේ රසවත් මෙන්ම වැදගත් තොරතුරු රැසක් මෙම නිර්මාණය හරහා ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකගත හැකි වනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඔහුගේ අතිවිශිෂ්ට රංගන ජීවිතයට අමතරව ඔහුගේ පෞද්ගලික ජීවිතයේ අතිශය සංවේදී කතාන්දරයක් ද සැඟවී තිබෙනවා. තම බිරිඳ වූ ජනප්‍රිය නිළි Gilda Radner පිළිකා රෝගයෙන් මිය යාමෙන් පසුව ඔහු දැඩි සේ කම්පාවට පත් වූ අතර, ඉන්පසු ඔහු පිළිකා රෝගීන් වෙනුවෙන් Gilda's Club නමින් මධ්‍යස්ථාන පිහිටුවමින් විශාල සමාජ සේවයක් සිදු කිරීමට කටයුතු කළා.
ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේදී ඔහුට Alzheimer රෝගය වැළඳී තිබුණා. නමුත් ඔහු තම රෝගී තත්ත්වය මියයන තුරුම මුළු ලෝකයෙන්ම රහසක් ලෙස තබාගැනීමට කටයුතු කළේ අතිශය සංවේදී කාරණයක් නිසාවෙන්. Willy Wonka චරිතයට ආදරය කරන ලොව පුරා සිටින කුඩා දරුවන්, තමන් රෝගාතුර වී දුක් විඳිනු දැක කම්පා වනු දැකීමට ඔහුට කිසිසේත්ම අවශ්‍ය වුණේ නැහැ. ඒ තරමටම ප්‍රේක්ෂකයන්ට ආදරය කළ මෙම නිහතමානී මනුස්සයාගේ ජීවිත කතාව සැබවින්ම සුවිශේෂී එකක්.
Discussion
No comments yet — start the conversation.