A live-action Casper the Friendly Ghost series is in the works at Disney+

A live-action Casper the Friendly Ghost series is in the works at Disney+

අතිශය ජනප්‍රිය Casper the Friendly Ghost චරිතය ඇසුරින් නව සජීවි-ක්‍රියාදාම කතා මාලාවක් නිර්මාණය කිරීමට Disney+ ආයතනය සූදානම් වන බව වාර්තා වේ.

මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් අප දකින හුරුබුහුටි කැස්පර් වෙනුවට වඩාත් අඳුරු සහ භීෂණාත්මක ස්වරූපයකින් (Darker tone) මෙය නිර්මාණය වීමයි.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක Steven Spielberg ගේ Amblin Television සමාගම මෙහි නිෂ්පාදන කටයුතු භාරව ක්‍රියා කරන අතර Kai Yu Wu මෙහි තිර රචනය සිදු කිරීමට නියමිතය.

නව යොවුන් වියේ (Coming-of-age) පසුවන පිරිසක් ඉලක්ක කරගනිමින් නිර්මාණය වන මෙම නිර්මාණය හරහා කැස්පර්ගේ අතීතය සහ ඔහුගේ මරණය පිළිබඳව ඇති අභිරහස් මෙන්ම මරණයෙන් පසු ජීවිතය පිළිබඳව වඩාත් ගැඹුරු සහ කුතුහලය පිරුණු ගවේෂණයක යෙදීමට බලාපොරොත්තු වේ. මෙය සාමාන්‍ය පවුලේ කතාවකට වඩා horror සහ adventure ශානරයන් මිශ්‍ර වූ Wednesday වැනි කතා මාලාවලට සමාන අත්දැකීමක් වනු ඇති බවට වාර්තා වෙනවා.