
A new WhatsApp update allows users to view status updates from unsaved numbers.
WhatsApp හි නවතම යාවත්කාලීනයක් හරහා, ඔබගේ දුරකථන නාමාවලියේ අංකය සුරකිනු (Unsaved) නොලැබූ පුද්ගලයන්ගේ පවා Status බැලීමට දැන් අවස්ථාව හිමිව තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ අදාළ පුද්ගලයා සමඟ මෑතකදී දුරකථන ඇමතුමක් හෝ පණිවුඩයක් (Interaction) හුවමාරු කරගෙන තිබීම පමණක් මෙයට ප්රමාණවත් වීමයි.
මෙලෙස දිස්වන Unsaved අංක හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ නමට හෝ අංකයට ඉදිරියෙන් tilde (~) ලකුණක් යොදා තිබෙනවා. කෙසේ වෙතත්, මෙයින් ඔබගේ පෞද්ගලිකත්වයට (Privacy) හානියක් සිදු නොවන අතර, ඔබගේ Status නැරඹිය හැක්කේ කා හටද යන්න සැකසීම් (Privacy settings) හරහා තවදුරටත් තීරණය කිරීමට ඔබට පූර්ණ බලය පවතිනවා. ඔබට මෙවැනි Status බැලීමට අවශ්ය නැතිනම්, අදාළ Status එක Mute කිරීමට හෝ 'Status privacy' සැකසීම් වෙනස් කිරීමට ද පහසුකම් සලසා තිබෙනවා.
මෙම නව විශේෂාංගය සම්බන්ධයෙන් පරිශීලකයන්ගෙන් එල්ල වන්නේ ප්රධාන වශයෙන්ම විවේචනාත්මක ප්රතිචාරයකි. සමාජ මාධ්ය ඔස්සේ බොහෝ දෙනා මෙය අනවශ්ය සහ අපහසුතාවයට පත් කරවන පහසුකමක් ලෙස හඳුන්වා දී තිබේ. විශේෂයෙන්ම තමන් අංකය සුරැකීමට අකමැති පුද්ගලයන්ගේ හෝ කලින් සම්බන්ධකම් පැවැත්වූ (Ex-partners) අයගේ Status මෙලෙස පෙනෙන්නට තිබීම කරදරයක් බව බොහෝ දෙනා පවසති. එසේම ඩිලිවරි ව්යාපාර වැනි කෙටි කාලීන අවශ්යතා සඳහා සම්බන්ධ වූ පුද්ගලයන්ගේ Status පවා මෙලෙස දිස්වීම කරදරයක් බවට පරිශීලකයන් තර්ක කරති.
ඉතින් ඔයාගේ අදහස මොකක්ද මේ ගැන?
Discussion
No comments yet — start the conversation.