
A ‘Westworld’ movie in the works at Warner Bros.
නවතම Westworld චිත්‍රපටයක් නිර්මාණය කරන බවට Warner Bros. සමාගම දැනුම් දී තිබෙනවා.
මෙම නවතම චිත්‍රපටය 2016-2022 කාලය තුල HBO Max හරහා විකාශය වූ Westworld කතා මාලාවේ දිගුවක් හෝ ඒ හා සම්බන්ධ එකක් නොවන අතර, ඒ වෙනුවට 1973 වසරේ නිකුත් වූ මුල්ම චිත්‍රපටය සහ Michael Crichton නවකතාව පදනම් කරගෙන කෙරෙන සම්පූර්ණයෙන්ම අලුත්ම නිර්මාණයක් බවට ඔවුන් විසින් ප්රකාස්ග කර තිබෙනවා.
මෙහි තිර රචනය සඳහා Jurassic Park, Jurassic World, Spider-Man, Zathura, Indiana Jones වැනි ජනප්‍රිය සහ සාර්ථක චිත්‍රපට සඳහා තිර රචනයෙන් දායක වූ David Koepp සම්බන්ධ වී ඇති බවට වාර්තා වෙනවා. තවමත් මූලික අදියරෙහි ඇති මෙම ව්‍යාපෘතියට අධ්‍යක්ෂකවරයෙකු, සහ අනෙකුත් නළු නිළියන් තෝරාගෙන නොමැත.
මෙම කතාවට පාදක වන්නේ කෘතිම බුද්ධියෙන් පාලනය වන රොබෝවරුන් සහිත විනෝද උද්‍යානයක සිදුවන අනපේක්ෂිත සිදුවීම් මාලාවකි
Discussion
No comments yet — start the conversation.