
Steven Soderbergh steps in to help finish The Batman: Part II as Matt Reeves attends to family matter
Matt Reeves විසින් දුරස්ථව ලබා දෙන උපදෙස්වලට The Batman: Part II චිත්රපටයේ අවසන් සති කිහිපයේ ප්රධාන රූගත කිරීම් අවසන් කිරීම සඳහා ඔස්කාර් සම්මානලාභී අධ්යක්ෂ Steven Soderbergh එක් වෙයි.
පවුලේ පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් අධ්යක්ෂ Matt Reeves තාවකාලිකව ඉවත්ව සිටින බැවින්, The Batman: Part II චිත්රපටයේ අවසන් සති කිහිපයේ ප්රධාන රූගත කිරීම් අවසන් කිරීම සඳහා ඔස්කාර් සම්මානලාභී අධ්යක්ෂ Steven Soderbergh එක්වී තිබෙනවා. Warner Bros. සහ DC Studios විසින් ඊයේ දිනයේ මේ බව නිල වශයෙන් තහවුරු කළා.
Robert Pattinson ප්රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්රපටයේ London හි සිදුකෙරෙන රූගත කිරීම් මේ මස මුලදී තාවකාලිකව නතර කෙරුණා. Matt Reeves ගේ නිර්මාණයන්හි දිගුකාලීන රසිකයෙකු වන Steven Soderbergh විසින්ම ඉදිරිපත් වී මෙම සහයෝගය ලබා දීමට එකඟ වී ඇති අතර, දැනට රූගත කර ඇති දර්ශනවලට කිසිදු වෙනසක් නොවන පරිදි Matt Reeves ගේ දැක්මට අනුවම ඉතිරි කොටස් රූගත කිරීම තම අරමුණ බව ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර සිය 𝕏 ගිණුමෙහි සටහනක් තබමින් Matt Reeves අවධාරණය කර ඇත්තේ තමන් The Batman: Part II චිත්රපටයෙන් ඉවත් නොවන බවයි. මේ අසීරු අවස්ථාවේදී ප්රධාන රූගත කිරීම් අවසන් කිරීමට සහාය වීම පිළිබඳව තමන් Steven Soderbergh හට බෙහෙවින් ස්තූතිවන්ත වන බවත්, රසිකයින්ගේ සුවදුක් විමසීම් සහ සුබපැතුම් අගය කරන බවත් ඔහු එහි සඳහන් කර තිබෙනවා.
මේ වන විට චිත්රපටයේ රූගත කිරීම්වලින් තුනෙන් දෙකක පමණ ප්රමාණයක් අවසන් වී ඇති අතර, Matt Reeves විසින් Los Angeles සිට දුරස්ථව ලබා දෙන උපදෙස්වලට අනුව Steven Soderbergh විසින් London හි ඉතිරි රූගත කිරීම් අධීක්ෂණය කිරීමට නියමිතයි. ප්රධාන රූගත කිරීම් අවසන් වීමෙන් පසු එහි පසු-නිෂ්පාදන කටයුතු සඳහා Matt Reeves යළිත් සෘජුවම සම්බන්ධ වනු ඇති. Scarlett Johansson සහ Sebastian Stan ද රංගනයෙන් දායක වන The Batman: Part II චිත්රපටය සැලසුම් කළ පරිදිම 2028 පෙබරවාරි 18 වැනිදා තිරගත කිරීමට නියමිතයි.
Discussion
No comments yet — start the conversation.