
Aegon’s Conquest film scheduled for theatrical release in June 2029
Game of Thrones විශ්වයට අයත් පළමු චිත්‍රපටය වන Aegon’s Conquest, 2029 වසරේ ජූනි 1 වනදා ලොව පුරා සිනමා ශාලාවලට නිකුත් කරන බවට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
මෙම දැවැන්ත චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා A Knight of the Seven Kingdoms කතාමාලාවට දායක වූ Owen Harris එක්වීමට නියමිතයි. එමෙන්ම සම්මානනීය Andor කතාමාලාවේ තිර රචකයෙකු ලෙස කටයුතු කළ Beau Willimon විසින් මෙහි තිර රචනය සිදු කරනු ලබනවා.
Seven Kingdoms ඉතිහාසය තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වන ප්‍රධානතම සිදුවීමක් වන Aegon Targaryen සහ ඔහුගේ සහෝදරියන් විසින් Westeros ආක්‍රමණය කිරීමේ ඓතිහාසික කතාන්දරය මෙම චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට නියමිතයි. මේ වන විට චිත්‍රපටයේ රංගන ශිල්පීන් හෝ වෙනත් නිෂ්පාදන තොරතුරු නිල වශයෙන් අනාවරණය කර නොමැති වුවත්, අනාගතයේදී නිකුත් වීමට නියමිත සුවිශේෂීම චිත්‍රපටයක් ලෙස මෙය මේ වන විටත් ලොව පුරා රසිකයින්ගේ දැඩි අවධානය දිනාගෙන තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.