
Best of the Best movie IMDb rating drops further to 4.8
Best of the Best IMDb rating drops further to 4.8. Despite attempts by some in India to boost it with 10/10 votes, continuous 1/10 ratings from Sri Lankans over Maitreyi Ramakrishnan's controversial statements prevail, causing the rating to keep plummeting.
ඊළාම් නිළි Maitreyi Ramakrishnan රංගනයෙන් දායක වූ Best of the Best චිත්‍රපටයේ IMDb අගය 4.8 දක්වා තවදුරටත් ශීඝ්‍රයෙන් පහත වැටෙයි.
කැනේඩියානු ජාතික නිළි Maitreyi Ramakrishnan රංගනයෙන් දායක වූ නවතම චිත්‍රපටය වන Best of the Best හි IMDb අගය මේ වන විට 4.8 දක්වා තවදුරටත් ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. ඒ ත්‍රස්තවාදය පිළිබඳව ඇය සිදුකළ ප්‍රකාශයන්ට එරෙහිව ලාංකික ප්‍රේක්ෂකයින් දැක්වූ දැවැන්ත විරෝධය හමුවේය.
ඉන්දියාවේ ඇතැම් පිරිස් විසින් චිත්‍රපටයේ අගය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානාත්මකව 10/10 මට්ටමේ ඉහළම මනාප ලබා දීමට උත්සාහ කළ ද, ශ්‍රී ලාංකිකයින් විසින් අඛණ්ඩව ලබා දෙන දැවැන්ත 1/10 ප්‍රතිචාර හමුවේ එය සාර්ථක වී නොමැති බවයි පෙනී යන්නේ. ඒ අනුව ලාංකික එකමුතුකම සහ විරෝධය හමුවේ Best of the Best චිත්‍රපටයේ IMDb ශ්‍රේණිගත කිරීම් මේ වන විටත් දිගින් දිගටම කඩා වැටෙමින් පවතිනවා.
Discussion
No comments yet — start the conversation.