
All-Female Expendables Spin-off Expendabelles Officially in Development
ජනප්‍රිය Expendables චිත්‍රපට මාලාවේ නවතම දිගුවක් ලෙස සම්පූර්ණයෙන්ම කාන්තා චරිත වලින් සමන්විත Expendabelles නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම චිත්‍රපටයේ කතාව 1990 දශකයේ අගභාගයේ ලෝකය පුරා Y2K භීතිකාව සහ භූ දේශපාලනික නොසන්සුන්තාවන් උපරිමයෙන් පැවති යුගය පසුබිම් කරගනිමින් නිර්මාණය වීමට නියමිතයි. (Y2K භීතිකාව යනු 2000 වසර උදාවත් සමඟ පරිගණක පද්ධතිවල වර්ෂය සටහන් කිරීමේ දෝෂයක් නිසා ලොව පුරා තාක්ෂණික ජාලයන් සහ දත්ත පද්ධතීන් අකර්මන්‍ය වේ යැයි එකල ලෝකය පුරා පැවති දැඩි බිය සහ නොසන්සුන්තාවයයි.)
තවමත් චිත්‍රපටයේ නිළියන් පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නොමැත.
Discussion
No comments yet — start the conversation.