An Ada Derana’s The Morning journalist and a Sirasa Yes FM host, who is non-binary, call for the arrest of Sri COM admins.

An Ada Derana’s The Morning journalist and a Sirasa Yes FM host, who is non-binary, call for the arrest of Sri COM admins.


LTTE ත්‍රස්තවාදයට සහය පළ කළ Maitreyi Ramakrishnan හට අන්තර්ජාලය ඔස්සේ මානසික පීඩනයක් හෙවත් cyberbully කළා යැයි චෝදනා කරමින්, අපගේ Sri COM පිටුවේ ඇඩ්මින්වරුන් අත්අඩංගුවට ගන්නා ලෙස Derana ආයතනයට අයත් The Morning ඉංග්‍රීසි පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන Lahiru Doloswala සහ Sirasa ආයතනයට අයත් Yes FM ඉංග්‍රීසි රේඩියෝ නාලිකාවේ සේවය කරන, තමන්ව non-binary ලෙස හඳුන්වා ගන්නා Yazmina Yousuf නැමැති ජීව විද්‍යාත්මක කාන්තාවක් (biological woman) ප්‍රකාශ කර තිබෙනවා.


ඉහත සඳහන් කළ මාධ්‍යවේදියා මීට පෙර 2022–2023 කාලසීමාවේදී අප විසින් සිදු කළ නවක වදයට එරෙහි අරගලයේදී සම්මුඛ සාකච්ඡා (interviews) ලබා ගැනීම සඳහා අප පසුපස පැමිණියද, අප ඔහුට කිසිදු අවස්ථාවක් ලබා නොදී ඔහුව කිසිසේත්ම ගණන් නොගෙන සිටියා. ඒ හේතුවෙන් ඇති වූ සිත් රිදීමක් මත ඔහු මෙලෙස හැසිරෙනවා විය හැකියි.


කෙසේ වෙතත්, ඔහු පිළිබඳව සොයා බැලීමේදී හෙළි වූයේ ඔහු ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (United Nations) සාමාජිකයෙකු ද වන බවයි. එමෙන්ම, යුද මාධ්‍යවේදිනී Marie Colvin ගේ ජීවිත කතාව ඇසුරින් 2018 වසරේ නිකුත් වූ A Private War චිත්‍රපටයේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට විවේචනාත්මක සහ ඍණාත්මක ලෙස නිරූපණය කර ඇති කොටස් සඳහා තොරතුරු ලබා දී ඇත්තේ ද Derana සමාගමේ The Morning හි සේවය කරන Lahiru Doloswala විසිනුයි. එම චිත්‍රපටයේ IMDb දත්තවල ඔහුව පර්යේෂකයෙකු (researcher) ලෙස සඳහන් කර තිබෙනවා. අදාළ සාක්ෂි සියල්ල comments තුළින් නැරඹිය හැකියි.


ඒ අනුව මොවුන් ඉල්ලා සිටින්නේ, ත්‍රස්තවාදයට සහය දැක්වූ පුද්ගලයෙකුව මානසික අපහසුතාවයට පත් කළා යැයි පවසමින් Sri COM අපව අත්අඩංගුවට ගන්නා ලෙසයි 😂