
Apple is reportedly paying Samsung $250 for every iPhone Duo OLED screen.
Apple සමාගම සිය ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වන iPhone Duo හි අභ්‍යන්තර නම්‍යශීලී OLED තිරයක් සඳහා Samsung සමාගමට ඇමරිකානු ඩොලර් 250ක මුදලක් ගෙවන බවට වාර්තා
Apple සමාගම සිය ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වන iPhone Duo හි අභ්‍යන්තර නම්‍යශීලී OLED තිරයක් (foldable OLED panel) සඳහා Samsung සමාගමට ඇමරිකානු ඩොලර් 250 ක පමණ මුදලක් ගෙවන බව වාර්තා වනවා. වසර 3 ක සුවිශේෂී සැපයුම් ගිවිසුමක් (three-year exclusive supply deal) යටතේ මෙම ගනුදෙනුව සිදුවන අතර, ඒ අනුව iPhone Duo ජංගම දුරකථනයේ අඩංගු වඩාත්ම මිල අධිකම උපාංගය බවට මෙම තිරය පත්ව තිබෙනවා.
මීට අමතරව මෙහි පිටත අඟල් 5.4 ක තිරය සඳහා ද ඩොලර් 80 ක පමණ මුදලක් වැයවන බවත්, Samsung සමාගමේ නවතම M16 OLED තාක්ෂණය යොදාගනිමින් නිපදවන එම තිරය 3000 nits දක්වා උපරිම දීප්තියක් (peak brightness) ලබා දෙන බවත් සඳහන්. උසස් ප්‍රමිතියෙන් යුත් නැමිය හැකි තිර විශාල ප්‍රමාණවලින් සැපයීමට මේ වන විට ඇති එකම ආයතනය Samsung Display වීම හේතුවෙන් මෙම සුවිශේෂී කොන්ත්‍රාත්තුව ඔවුන් වෙත හිමිව තිබෙනවා.
සාමාන්‍ය iPhone එකක සාම්ප්‍රදායික OLED තිරයක් සඳහා වැයවන ඩොලර් 70 ක මුදල සමඟ සැසඳීමේදී, iPhone Duo හි අභ්‍යන්තර තිරය සඳහා පමණක් එහි ආරම්භක මිල වන ඩොලර් 1999 න් 12% ත් 13% ත් අතර ප්‍රතිශතයක් වැයවනවා. මෙම වසර තුළදී Apple සමාගම iPhone Duo මාදිලි මිලියන 5 ක් පමණ අලෙවි කළහොත් මෙම තිර සැපයුමෙන් පමණක් Samsung Display සමාගමට ඩොලර් බිලියන 1.25 ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට හැකි වනු ඇති බවයි වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
Discussion
No comments yet — start the conversation.