Apple surpasses NVIDIA to become the most valuable company in the world

Apple surpasses NVIDIA to become the most valuable company in the world

ගෝලීය කොටස් වෙළඳපොළ තුළ සුවිශේෂී පෙරළියක් සිදු කරමින් Apple සමාගම විසින් NVIDIA සමාගම අභිබවා ගොස් නැවත වතාවක් ලොව වටිනාම සමාගම (world's most valuable publicly traded company) බවට පත්වීමට සමත්ව තිබෙනවා. ඊයේ (ජූලි 17) පැවැත්වුණු කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේදී NVIDIA සමාගමේ කොටස් මිල 3.5%කින් පමණ පහත වැටීමත් සමඟ Apple සමාගම වසරකට වැඩි කාලයකට පසු නැවතත් මෙම අංක එකේ ස්ථානය තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව Apple සමාගමේ සමස්ත වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.88ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, NVIDIA සමාගමේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.86ක් ලෙස සටහන් වනවා. මෑත කාලීනව කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ යටිතල පහසුකම් සහ චිප් නිපදවන සමාගම් කෙරෙහි ආයෝජකයින් දැක්වූ දැඩි අවධානය, මේ වන විට Apple Intelligence වැනි පාරිභෝගිකයින්ට සෘජුවම AI අත්දැකීම් ලබාදෙන සමාගම් වෙත යොමුවීම මෙම වෙනසට ප්‍රධානතම හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

සමාගම විසින් මෑතකදී හඳුන්වා දුන් නව තාක්ෂණික උපාංග සහ Apple Intelligence වැනි නවතම මෘදුකාංග යාවත්කාලීන කිරීම් කෙරෙහි සඳහා පවතින ඉහළ ඉල්ලුම සහ මෘදුකාංග යාවත්කාලීන කිරීම් කෙරෙහි ආයෝජකයින් තැබූ විශ්වාසය හේතුවෙන් මේ වසරේදී Apple කොටස් මිල 22%කට වඩා ඉහළ ගොස් තිබෙනවා.