
Priest dies after crucifix falls during live-streamed Mass in Ecuador
Ecuador රාජ්යයේ Guayaquil නුවර පිහිටි කතෝලික දේවස්ථානයක සජීවීව විකාශය කෙරෙමින් තිබූ දේව මෙහෙයක් අතරතුර බිත්තියේ සවිකර තිබූ විශාල කුරුසයක් ගැලවී හිස මතට කඩා වැටීමෙන් කතෝලික පියතුමෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Nuestra Señora del Perpetuo Socorro (Our Lady of Perpetual Help) දේවස්ථානයේ මීසම් පාලක පියතුමා ලෙස කටයුතු කළ Patricio Alfredo Sánchez Molinari පියතුමා දෛනික දිව්ය පූජාව පවත්වමින් සිටින අතරතුර, අල්තාරය පිටුපස සවිකර තිබූ ජේසුස් වහන්සේගේ ප්රතිමාව සහිත බරැති දැවමය කුරුසිය හදිසියේම ගැලවී එතුමා මතට කඩා වැටී තිබෙනවා.
සමාජ මාධ්ය ඔස්සේ සජීවීව විකාශය වෙමින් තිබූ මෙම දේව මෙහෙයේ 27 වැනි මිනිත්තුවේදී පමණ මෙම අනතුර සිදුවන ආකාරය වීඩියෝ දර්ශනවල සටහන්ව තිබෙනවා. එම අවස්ථාවේදී දේවස්ථානයේ සිටි බැතිමතුන් වහාම ඉදිරියට දිව ගොස් ගිලන් රථයක් කැඳවා පියතුමාව රෝහල්ගත කිරීමට පියවර ගත්තද, සිදුවූ බරපතල තුවාල හේතුවෙන් එතුමා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Guayaquil අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් මෙම මරණය තහවුරු කර ඇති අතර, අගරදගුරු කාදිනල් Luis Gerardo Cabrera Herrera විසින් Patricio Alfredo Sánchez Molinari පියතුමාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සිය ශෝකය ප්රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම කුරුසිය බිත්තියෙන් ගැලවී යාමට හේතුව පිළිබඳව මේ දක්වා නිල තොරතුරක් අනාවරණය කර නැහැ.
Discussion
No comments yet — start the conversation.