Arash sexually harassed by a female fan during his concert in Sri Lanka

Arash sexually harassed by a female fan during his concert in Sri Lanka

පසුගියදා ශ්‍රී ලංකාවේ පැවති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ජාත්‍යන්තර ගායක Arash හට රසික කාන්තාවක් විසින් ලිංගික අතවර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. ප්‍රසංගය අතරතුරදී අදාළ කාන්තාව විසින් ඔහුගේ අනුමැතියකින් තොරව ඔහුව අනවශ්‍ය ලෙස ස්පර්ශ කරමින් සිප ගනිමින් මෙම අතවරය සිදු කර ඇති බවයි එම දර්ශනවලින් පැහැදිලි වන්නේ.

මෙහිදී සමාජ මාධ්‍ය තුළ දැඩිව සාකච්ඡා වන ප්‍රධානතම කරුණ වන්නේ සමාජයේ පවතින ද්විත්ව ප්‍රමිතියයි (double standard). පිරිමියෙකු විසින් කාන්තාවකට මෙවැනි දෙයක් සිදු කළේ නම් එය වහාම බරපතළ ‘ලිංගික අතවරයක්’ ලෙස සලකා නීතිමය පියවර ගැනීමට පවා සමාජය පෙළඹෙනු ඇත. එබැවින් කාන්තාවක් විසින් පිරිමියෙකුට මෙවැනි දෙයක් සිදු කළ විට එය හුදෙක් රසිකත්වයක් හෝ විහිළුවක් ලෙස ලඝු නොකර, එයද පැහැදිලිවම ලිංගික අතවරයක් ලෙසම සැලකිය යුතු බවට බොහෝ දෙනා දැඩි මතයක් පළ කරනවා.

කලාකරුවෙකුට වුවද තම පෞද්ගලිකත්වය සහ ආරක්ෂාවට අයිතියක් ඇති අතර, ස්ත්‍රී පුරුෂ භාවය කුමක් වුවත් යම් පුද්ගලයෙකුගේ කැමැත්තකින් තොරව සිදුකරන මෙවැනි ඕනෑම ස්පර්ශ කිරීමක් අතවරයක් ලෙස සමාජය විසින් හඳුනාගත යුතු බවයි බොහෝ දෙනා පවසන්නේ.