
Asa Germann to play Angel in Marvel X-Men reboot
The Boys සහ Gen V කතාමාලාන්හි රංගන ශිල්පී Asa Germann නවතම X-Men චිත්‍රපටයේ Angel හෙවත් Warren Worthington III ගේ චරිතය සඳහා තෝරාගනී
Gen V සහ The Boys කතාමාලා හරහා ජනප්‍රිය වූ රංගන ශිල්පී Asa Germann ඉදිරියේදී නිකුත් වීමට නියමිත Marvel හි නවතම X-Men (reboot) චිත්‍රපටයේ Angel හෙවත් Warren Worthington III ගේ චරිතය සඳහා නිළ වශයෙන් තෝරාගත් බවට නිවේදනය කරයි.
මුලින් ඔහු Cyclops ගේ චරිතය සඳහා තිර පරීක්ෂණවලට (auditions) මුහුණ දී තිබූ අතර පසුව එම චරිතය Heartstopper තරුව වන Kit Connor ට හිමිව තිබුණා. නමුත් Asa Germann ගේ රංගන හැකියාව පිළිබඳව පැහැදීමට පත්වූ Marvel නිෂ්පාදකයින් විසින් ඔහුට 1963 වසරේදී Stan Lee සහ Jack Kirby විසින් නිර්මාණය කළ මුල්ම X-Men සාමාජිකයින් 5 දෙනාගෙන් කෙනෙකු වන Angel ගේ චරිතය ලබා දීමට තීරණය කර තිබෙනවා.
Jake Schreier විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය 2028 මැයි 5 වනදා තිරගත වීමට නියමිතයි. මේ වන විටත් මෙහි අනෙකුත් ප්‍රධාන චරිත සඳහා Sadie Sink Jean Grey ලෙසත් Kit Connor Cyclops ලෙසත් Christopher Abbott Professor X ලෙසත් Samara Weaving Emma Frost ලෙසත් Inde Navarrette Rogue ලෙසත් සහ Maya Boyd Storm ලෙසත් තෝරාගෙන තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.