Ask.com (formerly Ask Jeeves) has officially shut down after 30 years

Ask.com (formerly Ask Jeeves) has officially shut down after 30 years

අන්තර්ජාල ඉතිහාසයේ මුල් කාලීන සෙවුම් යන්ත්‍රයක් (Search Engine) වූ චැට්බොට් (AI Chatbots) තාක්ෂණයේ මූලාරම්භය ලෙස සැලකෙන "ස්වාභාවික භාෂාවෙන්" (Natural Language) ප්‍රශ්න ඇසීමේ ක්‍රමය හඳුන්වා දුන් Ask Jeeves (පසුව Ask.com) සිය මෙහෙයුම් කටයුතු අවසන් කරමින් 2026 මැයි 1 වන දින නිල වශයෙන් වසා දමා තිබේ.

වසර 30ක් පුරා ලොව පුරා පරිශීලකයින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයමින් සිටි මෙම වෙබ් අඩවිය වසා දැමීමට එහි මව් සමාගම වන IAC (InterActiveCorp) තීරණය කර ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරික ඉලක්ක සහ උපාය මාර්ගික වෙනස්කම් හේතුවෙන් බව වාර්තා වේ.

1996 වසරේදී Garrett Gruener සහ David Warthen විසින් ආරම්භ කළ මෙම සේවාව, එකල Google වලට පවා ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. 2005 වසරේදී ඇ.ඩො බිලියන 1.85ක දැවැන්ත මුදලකට IAC සමාගම විසින් මෙය අත්පත් කරගත් අතර එහි ජනප්‍රියත්වය ඉහළම අවස්ථාවේදී සෙවුම් යන්ත්‍ර වෙළඳපොළෙන් 7.5%ක පමණ ප්‍රබල කොටසක් හිමිකර ගැනීමට ද Ask.com සමත්ව තිබුණි.

වර්තමාන ChatGPT, Gemini, Grok වැනි AI චැට්බොට් (AI Chatbots) තාක්ෂණයේ මූලාරම්භය ලෙස සැලකෙන "ස්වාභාවික භාෂාවෙන්" (Natural Language) ප්‍රශ්න ඇසීමේ ක්‍රමය හඳුන්වා දුන් ලොව පුරෝගාමියා වන්නේ ද Ask Jeeves ය. "Jeeves" නම් සුප්‍රසිද්ධ සේවකයාගේ (Butler) රුව සමඟ ලොව පුරා ජනප්‍රිය වූ මෙම වෙබ් අඩවියේ නිල සමුගැනීමේ නිවේදනය අවසන් කර ඇත්තේ "Jeeves ගේ ජීවය සැමදා පවතිනු ඇත" (Jeeves' spirit endures) යනුවෙන් සිය මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට ස්තූති කරමිනි.