Avengers: Endgame Encore opens with $86 million globally in record-breaking theatrical return

Avengers: Endgame Encore opens with $86 million globally in record-breaking theatrical return

නැවත ප්‍රදර්ශනය කල චිත්‍රපටයක් පළමු සති අන්තයේ ලබාගත් දෙවන ඉහළම ආදායම වාර්තා කරමින් Avengers: Endgame Encore ලොව පුරා ඇ.ඩො මිලියන 86ක් වාර්තා කරයි.

Marvel Studios මඟින් 2019 වසරේදී නිකුත් කළ Avengers: Endgame චිත්‍රපටය, Avengers: Endgame Encore නමින් නැවත ප්‍රදර්ශනය ආරම්භ කරමින් සිය පළමු සති අන්තය තුළදී ගෝලීය වශයෙන් ඇ.ඩො මිලියන 86 ක දැවැන්ත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා, ඉන් ඩොලර් මිලියන 26 ක් උතුරු ඇමරිකාවෙන් ද, ඉතිරි ඩොලර් මිලියන 60 ජාත්‍යන්තර වෙළඳපොළෙන් ද වාර්තා වෙනවා. මෙමඟින් ලොව සිනමා ඉතිහාසයේ නැවත ප්‍රදර්ශනයක් වෙනුවෙන් වාර්තා වූ දෙවන ඉහළම ගෝලීය පළමු සති අන්ත ආදායම සනිටුහන් කිරීමට ද මෙම චිත්‍රපටයට හැකි වුණා. එහි පළමු ස්ථානයේ පසු වන්නේ 2012 වසරේ 3D තාක්ෂණයෙන් නැවත ප්‍රදර්ශනය කල Titanic 3D චිත්‍රපටයයි.

දෙසැම්බර් 18 වනදා නිකුත් වීමට නියමිත Avengers: Doomsday වෙනුවෙන් රසික උනන්දුව වර්ධනය කිරීමේ අරමුණින් නිකුත් කෙරුණු මෙම විශේෂ Encore පිටපතට මිනිත්තු 4 ක පමණ අලුත් දර්ශන සහ post credit දර්ශන කිහිපයක් ද, Robert Downey Jr. සහ Chris Evans විසින් රසිකයින් වෙනුවෙන් ඉදිරිපත් කළ විශේෂ පණිවිඩයක් ද ඇතුළත් කර තිබුණා. මෙම ආදායමත් සමඟ Avengers: Endgame හි සමස්ත ගෝලීය ආදායම ඩොලර් බිලියන 2.885 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සර්වකාලීන ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටින Avatar චිත්‍රපටයේ වාර්තාව බිඳහෙළීමට අවශ්‍ය වන්නේ තවත් ඩොලර් මිලියන 39 ක් පමණයි. එමෙන්ම සමස්ත Marvel Studios චිත්‍රපට එකතුවේ ගෝලීය ආදායම ද ඩොලර් බිලියන 35 සීමාව පසුකර යාමට මෙම නැවත ප්‍රදර්ශනය උපකාරි වී තිබෙනවා.