Rajinikanth dominates Kollywood box office with four of top five highest grossing Tamil films

Rajinikanth dominates Kollywood box office with four of top five highest grossing Tamil films

වැඩිම ආදායමක් ලැබූ දමිළ චිත්‍රපට 5 අතරින් 4 කම හිමිකාරීත්වය ලබාගැනීමට ජනප්‍රිය නළු Rajinikanth මේ වන විට සමත්ව තිබෙනවා. ඒ Nelson Dilipkumar ගේ අධ්‍යක්ෂණයෙන් පසුගිය ඔක්තෝබර් 15 වැනිදා තිරගත වීම ඇරඹූ Jailer 2 චිත්‍රපටය දින අටක් වැනි කෙටි කාලයක් තුළදී කෝටි 600 සීමාව පසුකළ සිව්වන දමිළ චිත්‍රපටය බවට පත් වෙමින්.

ලොව පුරා වැඩිම ආදායමක් ලැබූ දමිළ චිත්‍රපට 5:

2.0 (2018) – ඉන්දීය රුපියල් කෝටි 700-800
Jailer 2 (2026) – ඉන්දීය රුපියල් කෝටි 606 (තවමත් තිරගත වේ)
Leo (2023) – ඉන්දීය රුපියල් කෝටි 605
Jailer (2023) – ඉන්දීය රුපියල් කෝටි 604
Coolie (2025) – ඉන්දීය රුපියල් කෝටි 518

ඒ අනුව මෙම ලැයිස්තුවේ ඇති එකම Rajinikanth නොවන චිත්‍රපටය වන්නේ තලපත් Vijay ගේ Leo චිත්‍රපටය පමණයි. එය තලපතා ගේ කෝටි 500 සීමාව ඉක්මවූ එකම චිත්‍රපටය ද වන අතර, ඊට එම ආදායම් වාර්තාව පිහිටුවීමට හැකි වූයේ ද Lokesh Kanagaraj ගේ LCU (Lokesh Cinematic Universe) විශ්වය හේතුවෙන් ප්‍රේක්ෂකයින් අතර නිර්මාණය වී තිබූ දැඩි උනන්දුව නිසාවෙනි.

මේ වන විට ලොව පුරා කෝටි 500 සීමාව පසුකර ඇති සමස්ත දමිළ චිත්‍රපට පහෙන් හතරක්ම Rajinikanth ගේ වීම, දශක ගණනාවක් පුරා ඔහු සිනමා කර්මාන්තය තුළ ගොඩනඟා ඇති අඛණ්ඩ සාර්ථකත්වය මනාවට පිළිඹිබු කරන්නක්. කෙසේ වෙතත්, වසර ගණනාවක් ගත වුවද තවමත් කිසිදු දමිළ චිත්‍රපටයක් ලොව පුරා ආදායම අතින් ඉන්දීය රුපියල් කෝටි 1000 සීමාව පසු කිරීමට සමත් වී නොමැති වීම ද මෙහිදී කැපී පෙනෙනවා.