Jailer 2 becomes highest grossing Tamil film of all time

Jailer 2 becomes highest grossing Tamil film of all time

දකුණු ඉන්දීය සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින්, එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ දමිළ චිත්‍රපටය බවට පත්වීමට ජනප්‍රිය නළු Rajinikanth රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය වන Jailer 2 මේ වන විට සමත්ව තිබෙනවා. ඒ 2018 වසරේදී තිරගත වූ ඔහුගේම 2.0 චිත්‍රපටය පිහිටුවා තිබූ ඉන්දීය රුපියල් කෝටි 700 ක දැවැන්ත ආදායම් වාර්තාව වසර අටකට පසු බිඳ දමමිනි. ඒ වගේම වැඩිම ආදායමක් ලැබූ දමිළ චිත්‍රපට 5 අතරින් 4 කම හිමිකාරීත්වය ලබාගැනීමට ද Rajinikanth මේ සමඟින් සමත්ව තිබෙනවා.

පසුගිය ඔක්තෝබර් 15 වැනිදා තිරගත වීම ඇරඹූ මෙම චිත්‍රපටය දින 11 ක් වැනි කෙටි කාලයක් තුළදී ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දීය රුපියල් කෝටි 710.35 ක ආදායමක් උපයාගැනීමට සමත්ව තිබෙනවා. ඉන්දියාව තුළින් කෝටි 466.85 ක දළ ආදායමක් ද, විදෙස් වෙළෙඳපොළ හරහා කෝටි 243.50 ක ආදායමක් ද ඊට ඇතුළත් වනවා. වේගයෙන්ම කෝටි 300 සහ 400 සීමාවන් පසුකළ දමිළ චිත්‍රපටය බවට පත්වෙමින් විවිධ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලූ Jailer 2, 2.0 චිත්‍රපටයේ වාර්තාව අභිබවා යාමට පෙර Coolie, පළමු Jailer සහ Vijay ගේ Leo යන චිත්‍රපටවල සමස්ත ආදායම් වාර්තා ද පසු කර යාමට සමත් වුණා.