Baahubali’s Kattappa condemns the removal of Thileepan statue in Jaffna Sibiraj

Baahubali’s Kattappa condemns the removal of Thileepan statue in Jaffna Sibiraj

L.T.T.E සමාජික තිලීපන්ගේ පිළිමය ඉවත් කිරීමට එරෙහිව බාහුබලි චිත්‍රපටයේ කට්ටප්පා නළු සත්‍යරාජ් තම විරෝධය පළ කරයි.

යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර තිබූ තිලීපන්ගේ ලෝකඩ පිළිමය ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුගිය සැප්තැම්බර් 27 වනදා ඉවත් කිරීමට එරෙහිව දකුණු ඉන්දීය ප්‍රවීණ නළු Sathyaraj සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ලොවපුරා අතිශය ජනප්‍රිය වූ Baahubali චිත්‍රපටයේ Kattappa ගේ චරිතයට පණ පෙවූ ඔහු විශේෂ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, දින 12 ක් පුරා ජලය හෝ ආහාර නොමැතිව සැබෑ උපවාසයක නිරත වෙමින් තිලීපන් කළ කැපවීම අදාළ පිළිමය ඉවත් කිරීම හරහා දෙමළ ජනතාවගේ හදවත් තුළ තවත් ගැඹුරින් තැන්පත් වනු ඇති බවයි.

ඔහු ඉතා ප්‍රබල සන්නද්ධ සටන්කාමියෙකු ලෙස සිටියදී පවා මෙම උපවාස සටන තෝරාගත් බව පැවසූ Sathyaraj, පිළිමය ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය සිංහල අධිපතිවාදී රජයට පළ කරන බවත් එහිදී ප්‍රකාශ කර තිබුණා. තවද තිලීපන්ගේ සිහිනය වූ ඊළාම් අරමුණ නිසැකවම ජයගන්නා බවත්, ඒ දෙසට සියල්ලන්ම ගමන් කළ යුතු බවත් ඔහු එම වීඩියෝවෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

තිලීපන් හෙවත් රාසයියා පාර්තිපන් යනු 1987 වසරේදී නල්ලූර් කෝවිල ඉදිරිපිට උපවාස කරමින් ජීවිතක්ෂයට පත්වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙක් වනවා. මේ දිනවල උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඔහුගේ සැමරුම් සංවිධානය කර තිබූ අතර, පොලීසිය විසින් පිළිමය ඉවත් කිරීමට එරෙහිව එම ප්‍රදේශවල මේ වන විට දැඩි විරෝධතා ද මතු වී ඇති බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව මේ comment එකෙන් නරඹන්න.

https://www.facebook.com/reel/1616907646474637/?__tn__=R*F