Best of the Best movie Rotten Tomatoes audience score drops to 66%

Best of the Best movie Rotten Tomatoes audience score drops to 66%

IMDb වලින් පසු Maitreyi Ramakrishnan ගේ Best of the Best චිත්‍රපටයේ Rotten Tomatoes අගයද 66% දක්වා ශීඝ්‍රයෙන් පහතට.

කැනේඩියානු ජාතික නිළි Maitreyi Ramakrishnan රංගනයෙන් දායක වන Best of the Best චිත්‍රපටයට එරෙහිව ශ්‍රී ලංකාවෙන් එල්ල වන දැවැන්ත විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස, Rotten Tomatoes වෙබ් අඩවිය තුළ එහි ප්‍රේක්ෂක මනාප ප්‍රතිශතය 66% දක්වා ශීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. IMDb අගය 4.5 දක්වා කඩා වැටීමෙන් අනතුරුව, ලොව ප්‍රමුඛතම චිත්‍රපට විචාරක වේදිකාවක් වන Rotten Tomatoes හරහා ද පරිශීලකයන් මෙලෙස සිය අප්‍රසාදය දැඩිව පළ කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව ඇය සිදුකළ මතභේදාත්මක ප්‍රකාශයන් හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වන අතරතුර, Bollywood තේමාවක් සහිත චරිතයකට ඇයව යොදාගැනීමෙන් සංස්කෘතිය අනිසි ලෙස භාවිත කර ඇති බවට චෝදනා කරමින් ඉන්දියාවේ ප්‍රේක්ෂකයින් ද මේ වන විට චිත්‍රපටයට එරෙහිව විරෝධය ප්‍රකාශ කර තිබෙනවා. දෙරටෙන්ම එල්ල වන මෙම විරෝධතා රැල්ල හමුවේ Best of the Best චිත්‍රපටයේ ශ්‍රේණිගත කිරීම් දිනෙන් දින ශීඝ්‍රයෙන් කඩා වැටෙමින් පවතිනවා.