Brampton Mayor Patrick Brown and Amnesty International criticize the recent arrest of Tamil artist under PTA

Brampton Mayor Patrick Brown and Amnesty International criticize the recent arrest of Tamil artist under PTA

පසුගියදා කිලිනොච්චිය ප්‍රදේශයේ LTTE සංවිධානය උත්කර්ෂවයට නංවමින් ගීත ගැයූ 24 හැවිරිදි දමිළ තරුණයෙකු PTA (Prevention of Terrorism Act) යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කැනඩාවේ Brampton නගරයේ නගරාධිපති වන Patrick Brown සිය දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම ක්‍රියාව පුද්ගලයෙකුගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බවයි.

මේ අතර Amnesty International South Asia සංවිධානය ද මෙම අත්අඩංගුවට ගැනීම සහ PTA නීතියේ පවතින පුළුල් ප්‍රතිපාදන දැඩි ලෙස විවේචනයට ලක් කර තිබෙනවා. නිශ්චිතව හඳුනාගත හැකි වරදක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර නොමැති නම්, අදාළ 24 හැවිරිදි තරුණයාව වහාම නිදහස් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ඕනෑම අවස්ථාවක අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීමට බලධාරීන්ට ඉඩකඩ ලැබෙන බව පෙන්වා දෙන Amnesty International සංවිධානය, ජාත්‍යන්තර මානව හිමිකම්වලට පටහැනි මෙම නීතිය කිසිදු ප්‍රමාදයකින් තොරව වහාම අහෝසි කර දැමිය යුතු බව ද රජයෙන් ඉල්ලා සිටිනවා.