
Brian O'Conner could return in Fast Forever via AI technology
අවසන් Fast and Furious චිත්‍රපටය වන Fast Forever සඳහා AI තාක්ෂණයෙන් Paul Walker චරිතය නිර්මාණය කරන බවට වාර්තා.
අවසන් Fast and Furious චිත්‍රපටය වන Fast Forever සඳහා Paul Walker ගේ Brian O'Conner චරිතය නැවතත් ගෙන ඒමට AI තාක්ෂණය භාවිතා කිරීමට ඉඩ ඇති බව ඔහුගේ සහෝදරයා වන Cody Walker පවසනවා. ඒ සඳහා තමන් හෝ අනෙක් සහෝදරයා වන Caleb නැවතත් රංගනයෙන් (body double ලෙස) දායක නොවන බවත්, Paul ගේ දියණිය වන Meadow Walker ගේ අනුමැතිය ලැබෙන්නේ නම් පමණක් පැරණි දර්ශන සහ AI යොදාගෙන එය සිදු කරනු ඇති බවත් ඔහු තහවුරු කර තිබෙනවා.
තම සහෝදරයාගේ චරිතය මරා නොදමා ඉතා අලංකාර ලෙස චිත්‍රපට මාලාවෙන් සමුගැනීමට සැලැස්වීම පිළිබඳව තමන් ඉතා සතුටු වන බවයි Cody වැඩිදුරටත් සඳහන් කරන්නේ. 2014 වසරේදී AI තාක්ෂණය නොතිබූ බැවින් ඔවුන්ට රංගනයෙන් දායක වීමට සිදුවූ බවත්, මේ වන විට තාක්ෂණය දියුණු වී ඇති නිසා මීට පෙර චිත්‍රපටවල භාවිතා නොකළ දර්ශන රැසක් යොදාගනිමින් අදාළ නිර්මාණ කටයුතු සිදු කිරීමට නිෂ්පාදක කණ්ඩායමට හැකියාව පවතින බවත් ඔහු පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ Meadow Walker විසින් බවයි ඔහු අවධාරණය කරන්නේ.
2013 වසරේ Furious 7 චිත්‍රපටය අතරතුර Paul Walker රිය අනතුරකින් මිය ගිය අතර, ඔහුගේ දර්ශන සම්පූර්ණ කිරීම සඳහා Cody සහ Caleb දායක වුණා. Fast X චිත්‍රපටයට ද එක්වූ Meadow Walker, Vin Diesel ඇතුළු කණ්ඩායම සමඟ තවමත් සමීප සබඳතාවක් පවත්වනවා. Dom Toretto සහ Brian අතර නැවත හමුවීමක් අවසන් චිත්‍රපටයේදී දැකගත හැකි වනු ඇති බවට Vin Diesel ද මීට පෙර ඉඟි කර තිබූ අතර, Fast Forever චිත්‍රපටය 2028 මාර්තු 17 වනදා තිරගත වීමට නියමිතයි.
Discussion
No comments yet — start the conversation.