BTS announces they will not submit music for the 2027 Grammy awards

BTS announces they will not submit music for the 2027 Grammy awards

ජනප්‍රිය දකුණු කොරියානු BTS සංගීත කණ්ඩායම 2027 වසරේ පැවැත්වීමට නියමිත අතිශය ජනප්‍රිය Grammy සම්මාන උළෙල සඳහා ඔවුන්ගේ සංගීත නිර්මාණ කිසිවක් ඉදිරිපත් නොකිරීමට නිල වශයෙන් තීරණය කර තිබෙනවා.

මෙම සම්මාන උළෙල සංවිධානය කරන Recording Academy ආයතනය විසින් ආසියානු කලාපය පමණක් ඉලක්ක කරගනිමින් නවතම සම්මාන කාණ්ඩයක් හඳුන්වා දීමට ගෙන ඇති තීරණයට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. කලාපය හෝ භාෂාව පදනම් කරගනිමින් නිර්මාණ බෙදා වෙන් කරනවාට වඩා, සංගීතයට කිසිදු සීමාවකින් තොරව සවන් දීමට මෙන්ම ලොව පුරා ප්‍රේක්ෂකයින්ට එයට ආදරය කිරීමට අවස්ථාව ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔවුන් එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.