Call of Duty franchise surpasses $40 billion in lifetime revenue

Call of Duty franchise surpasses $40 billion in lifetime revenue

ලොව පුරා අතිශය ජනප්‍රිය වීඩියෝ ක්‍රීඩා මාලාවක් වන Call of Duty සිය ඉතිහාසය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 40 ක සමස්ත ආදායමක් ඉපැයීමට මේ වන විට සමත්ව තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 23 වැනිදා නිකුත් වූ ඔවුන්ගේ නවතම ක්‍රීඩාව වන Call of Duty: Modern Warfare 4 නිකුත් වීමත් සමඟම Xbox ප්‍රධාන විධායක නිලධාරිනී Asha Sharma විසින් 𝕏 සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබුණා.

2003 වසරේදී ආරම්භ වූ මෙම ක්‍රීඩා මාලාවේ 23 වන ප්‍රධාන නිකුතුව ලෙසයි Modern Warfare 4 වෙළෙඳපොළට නිකුත් වූයේ. ඩොලර් බිලියන 40 ක මෙම දැවැන්ත ආදායම සඳහා ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩා අලෙවිය, microtransactions, battle passes මෙන්ම Warzone වැනි අන්තර්ගතයන් හරහා ලැබුණු ආදායම් ද ඇතුළත් වනවා. මේ වන විට ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩා පිටපත් මිලියන 500 කට අධික ප්‍රමාණයක් අලෙවි වී ඇති අතර, මෙය ලොව වැඩිම ආදායමක් ඉපැයූ විනෝදාස්වාද නිර්මාණ අතරින් එකක් බවට ද පත්ව තිබෙනවා.

මීට අමතරව Call of Duty ක්‍රීඩාව පාදක කරගනිමින් Peter Berg ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන සජීවී ක්‍රියාදාම චිත්‍රපටයක් 2028 වසරේ ජූනි 30 වැනිදා නිකුත් වීමට නියමිතයි.