
Chadwick Boseman's farewell tweet is still the most-liked post on the 𝕏 6 years after his death.
වසර 6ට පසුව තවමත් වැඩිම likes ප්‍රමාණයක් ලබාගත් 𝕏 සටහන ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියනුයේ Chadwick Boseman ගේ අභාවය නිවේදනය කල සටහනයි.
Marvel සිනමා විශ්වයේ Black Panther ලෙස ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් Chadwick Boseman අභාවප්‍රාප්ත වී වසර 6 ක් ගතවුව ද, ඔහුගේ අභාවය නිවේදනය කරමින් පළ කරන ලද අවසන් සටහන (Farewell tweet) තවමත් 𝕏 (Twitter) වේදිකා ඉතිහාසයේ වැඩිම පිරිසක් Like කළ සටහන ලෙස වාර්තා අතර රැඳී පවතිනවා.
2020 අගෝස්තු 28 ඔහුගේ අභාවයත් සමඟ පළ කල සටහන 2020 වසරේ සැප්තැම්බර් 1 වනදා වන විට Likes මිලියන 7.5 ක මට්ටමට ළඟා වෙමින් ගිනස් ලෝක වාර්තාවක් ද පිහිටුවනු ලැබුවා. කෙසේ වෙතත් වසර ගණනාවක් භාවිත නොකළ අක්‍රිය ගිණුම් (Inactive accounts) පද්ධතියෙන් ඉවත් කිරීම සහ 𝕏 සමාගම වරින් වර සිදු කරන පිරිසිදු කිරීම් (Purges) හේතුවෙන්, එහි සක්‍රිය Likes ප්‍රමාණය මේ වන විට මිලියන 6.6 ක් ලෙස දිස්වනවා. එසේ වුවද 𝕏 ඉතිහාසයේ වැඩිම Likes හිමි සටහන ලෙස මෙය තවදුරටත් පෙරමුණේ පසුවීම විශේෂත්වයක්.
තමන් පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳිමින් සිටි කාලය තුළ පවා, ඔහු සිය කාලය සහ ධනය සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් නොමසුරුව කැප කරමින් ලෝකය වඩාත් යහපත් තැනක් කිරීමට සිය උපරිම දායකත්වය ලබාදුන් අයෙකු වනවා. සිනමා තිරයේදී මෙන්ම සැබෑ ජීවිතයේදී ද ඔහු ඉටු කළ මානුෂීය මෙහෙවර හේතුවෙන් අදටත් ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ ගෞරවාදරය ඔහු වෙත නොඅඩුව හිමිව තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.