
Chief Minister of Tamil Nadu Thalapath Vijay’s party member arrested over 135kg methamphetamine shipment destined for Sri Lanka
ශ්රී ලංකාවට එවීමට සැලසුම් කර තිබූ කිලෝග්රෑම් 135 කට අධික Methamphetamine හෙවත් අයිස් මත්ද්රව්ය තොගයක් සමඟ තලපතාගේ පක්ශයේ මන්ත්රීවරයකු අත්අඩංගුවට
ශ්රී ලංකාවට මුහුදු මාර්ගයෙන් ජාවාරම් කිරීම සඳහා සූදානම් කර තිබූ කිලෝග්රෑම් 135 කට අධික Methamphetamine මත්ද්රව්ය තොගයක් සමඟ තමිල්නාඩු මහ ඇමති C. Joseph Vijay හෙවත් තලපතාගේ Tamilaga Vettri Kazhagam (TVK) පක්ෂයේ ප්රබල ක්රියාකාරිකයෙකු සහ තවත් පිරිසක් ඉන්දීය Directorate of Revenue Intelligence (DRI) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද විශේෂ බුද්ධි තොරතුරකට අනුව Tiruchy කලාපීය DRI නිලධාරීන් විසින් Nagapattinam දිස්ත්රික්කයේ Kilvelur ආසන්නයේ පිහිටි J. Sughan නමැත්තාගේ නිවස වටලා ඇති අතර, එහිදී ඉන්දීය රුපියල් කෝටි ගණනක් වටිනා Methamphetamine කිලෝග්රෑම් 100 ත් 135 ත් අතර ප්රමාණයක් සොයාගෙන තිබෙනවා. මෙම ජාවාරමේ ප්රධාන සැකකරු ලෙස TVK පක්ෂයේ Nagapattinam දිස්ත්රික් විධායක කමිටු සාමාජිකයෙකු සහ නීතිඥවරයෙකු වන N. Boopalan හඳුනාගෙන ඇති අතර, J. Parthiban සහ D. Sathish යන අයද ප්රශ්න කිරීම් සඳහා රඳවාගෙන තිබෙනවා.
Chennai සිට ප්රවාහනය කර ඇති මෙම මත්ද්රව්ය තොගය මුහුදු මාර්ගයෙන් ශ්රී ලංකාවට එවීමට සැලසුම් කර තිබූ බවත්, ප්රධාන සැකකාර N. Boopalan ගේ බිරිඳ ශ්රී ලාංකික කාන්තාවක් බැවින් ඔහුගේ පවුල් සබඳතා ඔස්සේද පරීක්ෂණ ක්රියාත්මක බවත් විමර්ශන නිලධාරීන් සඳහන් කරනවා. මෙම සිදුවීමත් සමඟ TVK පක්ෂයේ Nagapattinam දිස්ත්රික් ලේකම් M. Sugumaran විසින් N. Boopalan ව පක්ෂයේ සියලුම තනතුරුවලින් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ තමිල්නාඩු දේශපාලනය තුළ දැඩි ආන්දෝලනයක් ඇතිව තිබෙන අතර, හිටපු මහ ඇමති සහ DMK පක්ෂයේ සභාපති M.K. Stalin විසින් TVK පක්ෂය හඳුන්වා දී ඇත්තේ “Breaking Bad party” ලෙසයි. මහ ඇමති C. Joseph Vijay ප්රසිද්ධියේ මත්ද්රව්ය තුරන් කිරීම ගැන දේශනා කරන අතරතුර ඔහුගේම පක්ෂයේ සාමාජිකයින් මත්ද්රව්ය ජාවාරමේ නිරත වන්නේදැයි M.K. Stalin ප්රශ්න කර ඇති අතර, AIADMK සහ BJP ඇතුළු විපක්ෂයේ පක්ෂ රැසක්ද මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා.
Discussion
No comments yet — start the conversation.