
Justice Minister Harshana Nanayakkara disables Facebook comments amid public backlash over defence of Environment Minister
පරිසර ඇමති ආරක්ෂා කිරීමට ගොස් එල්ල වූ ජනතා විරෝධය හමුවේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරත් සිය facebook ගිණුමේ Comment දැමීම සම්පූර්ණයෙන්ම අවහිර කරයි.
කාවන්තිස්ස ඇතාගේ මරණයත් සමඟ දැඩි ජනතා විරෝධයකට ලක්ව සිටින පරිසර අමාත්ය ධම්මික පටබැඳිව ආරක්ෂා කිරීමට යාමෙන් එල්ල වූ සමාජ මාධ්ය විරෝධය හමුවේ, අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර ද සිය නිල පෞද්ගලික Facebook ගිණුමේ අදහස් දැක්වීම (Comments) සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට පියවර ගෙන තිබෙනවා.
කාවන්තිස්ස ඇතාට නිසි වේලාවට ප්රතිකාර ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් පරිසර අමාත්යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ජනතාව බල කරමින් සිටින පසුබිමක, අධිකරණ අමාත්යවරයා සිය ගිණුම ඔස්සේ ධම්මික පටබැඳිව සාධාරණීකරණය කෙරෙන සටහන් Share කිරීමට කටයුතු කර තිබුණා.
අධිකරණ අමාත්යවරයාගේ මෙම ක්රියාකලාපයත් සමඟ කෝපයට පත් සමාජ මාධ්ය පරිශීලකයින් විශාල පිරිසක් ඔහුගේ Facebook ගිණුමට පිවිස දැඩි ලෙස විවේචන එල්ල කරමින් අදහස් දක්වා තිබුණා.
මෙලෙස දිගින් දිගටම එල්ල වූ දැඩි ජනතා විරෝධය දරාගත නොහැකිව පරිසර අමාත්යවරයා මෙන්ම අධිකරණ අමාත්යවරයා ද සිය Facebook ගිණුමේ Comment දැමීමේ හැකියාව අවහිර කර ඇති අතර, ජනතා මතයට හිස නමනු වෙනුවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මෙලෙස විවේචනවලින් පලා යාම සමාජ මාධ්ය තුළ දැඩි හාස්යයට ලක්ව තිබෙනවා.
අමාත්ය ධුර ලැබීමට පෙර භාෂණයේ සහ අදහස් ප්රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයන් විසින්ම බලයට පත්වීමෙන් පසු මෙලෙස ජනතාවගේ සමාජ මාධ්ය අදහස් දැක්වීම් පවා සීමා කිරීම හාස්යයට කරුණක්.
කෙසේ නමුත් ඔහුට සිය නිල Facebook පිටුව වන Harshana nanayakkara පිටුවේ Comments අවහිර කිරීමට අමතකව ඇති බැවින්, ජනතාවට තවදුරටත් එම පිටුව හරහා ගොස් සිය විරෝධය දැක්වීමේ හැකියාව පවතින බවට අප විසින් ඔබට මතක් කිරීමට කැමතියි.
Discussion
No comments yet — start the conversation.